( තිළිණි ද සිල්වා )
කොළඹ මරදානේ පිහිටි බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය අද (21) සිට මහජනයා සදහා විවෘත කළ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කොට දින කීපයක් තිස්සේ සංචරණ සිමා පනවා තිබීම හේතුවෙන් මෙම කාර්යාලය වසා දමා තිබුණි.
පසුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද සාකච්ඡාවල ප්‍රතිථලයක් ලෙස නැවත ඊයේ සිට බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය විවෘත කර ඇත.
වෛද්‍යවරු ,ශිෂ්‍යයන් ඇතුළු බ්‍රිතාන්‍යයට යාමේ අපේක්ෂාවෙන් සිටින විශාල පිරිසකට මෙමඟින් සිය අපේක්ෂා ඉටු කර ගැනිමේ පහසුකම් සැලසෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී
2025 දෙසැම්බර් මස 04
562
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය මහජනතාවට යළි විවෘත කෙරේ
charles kumara Monday, 21 December 2020 12:01 PM
පිස්සු මෙහෙ වීසා දීලා වැඩක් නැහැ... අන්න එහෙ ලොක් ඩවුන් කරලා. නිකන් බොරුවට වීසා මගුල් ගෙවලා එංගලන්තය ධනවත් කරන්න එපා. මෙ ටිකෙ ඔන තරම් වීසා ගහයි. මොකද එහෙට දැන් සුද්දෝ එන්නේ නැති හින්දා .... යන්න ප්ලේන් ඇත්තෙත් නැහැ. නිකන් සල්ලි ගෙවලා වීසා අරන් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ...
chandima Tuesday, 22 December 2020 01:35 AM
නත්තලට අපට තෑගි දෙන්න වගේ උත්සාහ කරන්නේ..?
kapila Tuesday, 22 December 2020 04:18 AM
මේ දවස්වල එංගලන්තේ කොරෝනා උතුරලා යනවා. මේ අස්සේ කව්ද අප්පා එංගලන්තේට යන්න දඟලන්නේ...?
kamal koyrala Tuesday, 22 December 2020 05:39 AM
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක මිලියන හතරක පමණ ජනතාව හතරවන මට්ටමේ දැඩි අගුලු දැමීමකට යටත් වියයුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැතිව් හැන්කොක් මහතා අනතුරු අඟවා තිබේ. වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් පනවන මෙම අගුලු දැමීම රට පුරාම ක්‍රියාත්මක වීමට සිදුවියහැකි බවටද හෙතෙම අනතුරු අඟවයි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද සාකච්ඡාවල ප්‍රතිථලයක් ලෙස නැවත ඊයේ සිට බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය විවෘත කර ඇත.