IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ප්‍රදේශවාසීන්ගේ කලබලය මැද අනතුරට පත් රෝගියා මරුට

(පද්මා කුමාරී කංකානම්ගේ)

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ ඒත්තාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමට උනන්දු නොවී, ප්‍රදේශවාසීන් නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ නොරොච්චෝල පදිංචි තිදරු පියෙකු වන 35 හැවිරිදි මොහොමඩ් සෆ්‍රාන් නම් ත්‍රිරෝද රථ රියදුරෙකි.
 
මෝටර් රථයක් පසු කිරීමට උත්සහ කළ ලොරි රථයක් එම ත්‍රිරෝද රථයේ ගැටීමෙන් රියදුරු බරපතල තුවාල ලබා සිටියේය.අනතුර සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති අතර රෝගියා රෝහල් ගත කිරීමට කිසිවෙකු උනන්දුවක් ගෙන නොමැත.
 
අනතුරුව එතැනින් ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිණිය සිය වාහනයේ සිටි කුඩා දරු දෙදෙනා ඇයගේ පියාට භාර දී කල්පිටිය රෝහලට රෝගියා රැගෙන ගොස් තිබිණි.රෝහල් ගත කිරීමට මොහොතකට පෙර රෝගියා මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
 
ලොරි රථයේ රියදුරු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (1)

ප්‍රදේශවාසීන්ගේ කලබලය මැද අනතුරට පත් රෝගියා මරුට

sampath Tuesday, 15 December 2020 04:29 PM

මෙහෙව් හරක් රැළක් ....රෝගියා ගැන උනන්දුවෙන් බැලුවා නම් ඛෙරගන්න තිබුණා. අනතුරක් වුණාම අතුරු ප්‍රයෝජන ගන්නයි වැඩි දෙනා බලන්නේ.... අපරාදේ ජීවිතයක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site