IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නියෝජ්‍ය පොලිස්පතිගෙන් හිටපු පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට චෝදනා

(දසුන් රාජපක්ෂ)

පසුගිය වකවානුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හිස එස වූ ජාතිවාදී ප්‍රවණතාවලට හිටපු ජනාධිපතිවරයා , ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වගකිව යුතුබව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අද (07) සාක්ෂි ලබාදුන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසා තිබේ.

ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මාවනැල්ලේ පිහිටි බුදු පිළිම කඩා බිඳ දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවති විමර්ශන කටයුතු සිදුකළ තමාට විමර්ශන සිදු නොකරන ලෙස එකී පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා එම කොමිසම හමුවේ සඳහන් කර ඇත.

මහජනතාවට විවෘතව පැවැත්වූ මෙම සැක්ෂී සටහන් කරගැනීමේ කටයුතු නැරඹීමට අද එම කොමිසම වෙත පැමිණි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පාලිත සිරිවර්ධන මහතා ලබාදුන් සාක්ෂි සඳහා මැදිහත් වී ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම අසාද් සාලි මහතාට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේය.

ඒ අනුව පාලිත සිරිවර්ධන මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේ ඊට මැදිහත් වූ අසාද් සාලි මහතා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ගැටලු සිරිවර්ධන මහතාට යොමුකර ඇත.

සේවා කාලය තුළ තෙවතාවක් සේවා තහනමට ලක්වී තිබෙන පාලිත සිරිවර්ධන මහතා එසේ සේවා තහනම් වලට ලක්වූයේ මන්දැයි යන්න පිළිබඳව ද අසාද් සාලි මහතා ප්‍රශ්න කර තිබේ.

සාක්ෂි ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් චාමික ප්‍රේමසිරි මහතා ද අද (07) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

පැය හයකට ආසන්න කාලයක් පාලිත සිරිවර්ධන සහ විකුම් චාමික යන මහත්වරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්හ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානීත්වයෙන් රැස්වූ මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස නිශ්ශංක බන්දුල කරුණාරත්න , නිහාල් සුනිල් රාජපක්ෂ , බන්දුල කුමාර අතපත්තු යන විනිසුරුවරුන් සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එම් එම් අධිකාරී මහත්මිය කටයුතු කරයි.

 

 



අදහස් (10)

නියෝජ්‍ය පොලිස්පතිගෙන් හිටපු පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට චෝදනා

lanka Friday, 07 February 2020 07:08 PM

ඔය කොමිසමෙන් අපිට වැඩක් නැහැ. ජනතාවට කරුණු දැනගන්න බැරි කොමිසමකින් ජනතාවට වැඩක් නැහැ...

:       109       4

Nishan Friday, 07 February 2020 09:20 PM

විනය විරෝධී වැඩකරලා වැඩ තහනම් වූ නිලධාරින් බොරු කියලා අලුත් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න හදනවා වගේ...

:       193       299

මුණසිංහ Saturday, 08 February 2020 12:50 AM

සාලි හරස් ප්‍රශ්න අහන්නේ එයාගේ චණ්ඩිකම් පෙන්නන්නද? එයාත් සෘජුව කිවයුතු බව කියැවෙනවා. ඔය නිලධාරින්ගේ වැඩ තහනම් වෙන්නේ වැඩිපුරම වංක දේශපාලකයින් නිසා.... දැන් රටම දන්නවා මේකට වගකිව යුත්තේ කවුද කියලා...!

:       32       107

NishanSaturday, 08 February 2020 09:46 AM

එ්ත් කෝ සාලි තවම එළියෙනේ. ඔයාලගේ ආණ්ඩුව එයාව මේ සම්බන්ධව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් නොකරන්නේ ඇයි...?

:       26       13

athuraSunday, 09 February 2020 06:35 AM

මුණසිංහ මහත්මයා, මේ සිද්ධියේ මහමොළකරුවෝ අල්ලන්නෙ නැතුව කොහොමද රටම දන්නෙ මේ සිද්ධියට වග කිවයුත්තේ කවුද කියලා ?

:       0       2

රට වැසියා Saturday, 08 February 2020 05:51 AM

"නියෝජ්‍ය පොලිස්පතිගෙන් හිටපු පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට චෝදනා" - මේක තමයි මේ රට තත්වය, දැන් තමයි නියෝජ්‍ය පොලිස්පතිගේ කට ඇරිලා තියෙන්නේ.. අමාරුවෙන් හරි ඇත්ත තත්වය තේරුම් ගමු. දේශපාලඥයින්ගේ වැඩවලට කරගහන තරමටම තමයි පොලිසියේ උසස්වීම් ලැබෙන්නේ.. දැන් මේ නියොජ්‍ය පොලිස්පතිත් කෑ ගහන්නේ මොකද කියලා හිතාගන්න පුලුවන්. මේ රටේ තිබෙන මේ පාදඩ දේශපානීකරණයට ගොදුරු වු ප්‍රධානම ආයතනය පොලිසියයි..!!!

:       1       190

Amula Saturday, 08 February 2020 06:01 AM

ඊළඟ ජනාධිපතිවරණයට මෙයාටත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්...

:       1       8

janith Saturday, 08 February 2020 10:16 AM

පාලිත සිරිවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පති තුමා... "පොලිස්පති පූජිත් ජයසුන්දර" මැතිතුමාගෙන් පලිගන්නවා වගෙයි අපිට පේන්නේ. මොකද එයාට උසස්වීම් ලබාදීමේදී ඇතිවූ පලහිලව්ව නිසාවෙන් දෝ මන්දා...

:       1       5

piyadrsana Saturday, 08 February 2020 10:19 AM

පොලිස්පති ගෙන් පුද්ගලික පලිගැනීමක් වගෙයි පේන්නේ...

:       1       5

Bamunuarachchi Saturday, 08 February 2020 03:30 PM

හොඳ ලොයර්ස්ලා අල්ලලා හරවන්න ලෙඩේ සිරිසේනටයි, රනිල්ටයි, සජිත්ටයි, බදුර්දීන්ලට කත ඇද්දේ ඔයගොල්ලෝ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24768 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site