IMG-LOGO

2023 මැයි මස 30 වන අඟහරුවාදා


නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ තිබූ ඉන්දියන් නුග ගසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (1) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ උඩුගම්පොළ වතුමුල්ල සෝමවීර මාවතේ පදිංචිකරුවකු වූ  මහින්ද ගුනවීර නැමැත්තෙකි.

නුග ගසේ මුල කොටසට ගිනි තැබීමෙන් ගස පාර හරහා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබිණි.

1995 දී එවකට ජනාධිපතිනියවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම මත ඇල්ඔයේ කෙටවල වෙල්යායේ ඉදි කෙරුණු ජපන් මත්‍රත්ව පාලම 1996 අගෝස්තු 31 දින එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් විවෘත කරන අවස්ථාවේදී රෝපණය කරන ලද නුග ගසක් මෙසේ ගිනි තබා විනාශ කර තිබිණි.

මෙසේ  ගිනි තබා විනාශ කර ඇති නුග ගස පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් දෙතුන් සියයක් ආසන්නයේ වීම විශේෂත්වයකි.

දින කිහිපයකට පෙර මෙම ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බවත් ඒ දුටු පාලම ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව එම ගින්න නිවා දමා ඇතැයිද යළිත් ගිනි තැබීමෙන් මෙම විනාශය සිදුව ඇතැයිද ඔවුහු සඳහන් කළහ.



අදහස් (11)

නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප

Rata Perata Monday, 01 March 2021 12:45 PM

දැන් අපිට කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වගේ වැඩ කරන අපතයින් හඳුනාගෙන අපිම දඬුවම් දෙමු.

:       3       56

නන්නාදුනන හාදයා Monday, 01 March 2021 04:30 PM

rata perata, නොබෝ දිනකින් මේ රටේ බහුතරයක් ජනතාවට මේ ඔබ කියන සත්‍යය අවබෝධ වෙනවා නියතයි. එදාට ඔබ වෙනුවෙන් ඒ වගකීම ඉටුකරනු ඒකාන්තයි.

:       0       2

RaveendraTuesday, 02 March 2021 08:42 AM

ඔබගේ අදහස් නිවැරදිය. ගස විනාශ වී ඇත... "තිරිසනාට" ඇප ලැබී ඇත.

:       0       14

fairoos Monday, 01 March 2021 01:48 PM

අපේ ගෙවත්තේ ගහක් කපන්න නම් ඔක්කොම නීති පිළිපදින්න ඕනේ. මෙයාලට ඇප දීලත් ඉවරයි.

:       0       47

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 01 March 2021 03:41 PM

මතක තියා ගන්න, ඔය ගස අවසානෙට සෙවණ දුන්නෙත්... ගිණි දැල්විල පිළිස්සෙද්දී පවා සිසිලස දුන්නෙත්.... තමන් නසන්නට ගිනි දැල් ඇවිලවූ මේ මිනිසාටම යන වග... බල පුළුවන්කාරකම් ඉදිරියෙහි ඇතැම්විට නීතියෙන් එබට බේරෙන්නට පුළුවන් වෙයි. හැබැයි කවදාවත් මේ ස්වභාවදහමේ විනිශ්චයෙන් නම් ඔබට ගැලවුමක් නැති වෙයි. මතක තබා ගන්න. වනස්පතින් නැසිම යනු ඔවුනොවුන්ගේ පරම්පරා ගණනාවකට පවා විඳවන්නට වන ශාපයන් වන වග...

:       0       1

sampath Monday, 01 March 2021 04:31 PM

මේ පුද්ගලයාට ආයතන සංග්‍රහය අනුව දඬුවම් කරන්නේ නැද්ද? විනය පරීක්ෂණ නැද්ද? එහෙම නම් කාගේ හරි ඉල්ලීමක් ඉටුකරලා ඇත්තේ. ජනතාව ඔය ගිනිතියන වෙලාවේ නිසි දඬුවම් නොදීපු එකේ වරද ගස් කොළන් පෙන්නන්න බැරි කොට්ඨාශයක්..

:       0       2

විජිත් Monday, 01 March 2021 04:36 PM

ඔය නරුමයා ගිනිතියා විනාශ කළ ගස තිබූතැනම ඒ වර්ගයේම ගසක් සිටුවන්නට හැකිනම්... ප්‍රදේශයේ සිටින පරිසරයට හිතැති " මිනිසුන් " ඒ ගස ආදරයෙන් බලා ගනීවි. නරුමයින් විසින් ගස විනාශ කළ අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතුකළ, ආබාධිත රණවිරුවන් ඇතුළු ගම්වාසී සියලුම "මිනිසුන්ට" මගේ ආචාරය...

:       0       2

Nihal Monday, 01 March 2021 07:56 PM

අත්අඩංගුවට ගත්තේ ඇප දෙන්න ඕනෑ නිසා වගෙයි..

:       0       2

asamagi janahitha Tuesday, 02 March 2021 05:52 AM

මොහු මානසික රෝහලට යොමුකළ යුතුය. දේශපාලන තම ආගමික විශ්වාසයන්ට වඩා ඉස්මතුවීමේ මානසික රෝගයකින් පෙළෙන බව පෙනෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයේ අය දෙකට බෙදී සහ එහි ආරක්ෂකයින් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ තම පරාජිත බව විඳ දරාගැනීමට නොහැකිව මෙවැනි දේ කරන බව පෙනේ. තමන් පරාජය කළ ජනතාව හඳුන්වන්නේ බයියන් ලෙසය.

:       11       3

chandaniTuesday, 02 March 2021 10:42 AM

බයියන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නූගත්, මෝඩ, අනුන්ගෙන් යැපෙන, නිවට නියාලු මිනිසුන්ටයි. ඒ වර්ගයේ 69 ලක්ෂයක් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉන්නා බව පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. ඒ බයියන් මේ රටේ සිටින තුරු ගෝත්‍රිකයින් රට පාලනය කරනවා. රට ණය කරනවා. හොරා කනවා.

:       0       4

sharm warn Thursday, 04 March 2021 03:10 AM

ආ.. ඇප දුන්නනේ.. එහෙනම් ගහ ලියලයි. ඒකනේ ඇප දීලා ගෙදර යවලා තියෙන්නේ. පාලකයෝ නටනකොට සේවකයෝ ඔලුවෙන් හිටගෙන යනවා කියන්නේ මේවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ
2023 මැයි මස 30 175 0

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහි


ඡංගම විදුලි වැටක් සකසයි
2023 මැයි මස 30 130 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.


උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්
2023 මැයි මස 30 163 0

උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.


පුරාවස්තු වැනසෙක ක්‍රමයක් පෙන්නයි
2023 මැයි මස 30 110 0

පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට ගෙන ඇති අ


බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා
2023 මැයි මස 30 284 0

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්


ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ
2023 මැයි මස 30 82 0

ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 75 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 789 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 489 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site