IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


නකලස් කලාපයේ මී ගවයින් මරා හිස් මහමග දමාගිහින්

(ඉන්දික අරුණ කුමාර)
 
ලෝක උරුම නකලස් වන භූමියේ නිදැල්ලේ සිටි මී ගවයින් දෙදෙනෙකු ඝාතනය කර, උන්ගේ  හිසෙහි කොටස් පිටවල පතන හා රිවස්ටන් මුදුන ආශ්‍රිතව මාර්ග අසල දමා තිබිය දී සංචාරකයන් පිරිසකට හමුවී ඇත.
 
මීට අමතරව පිටවල පතන ආශ්‍රිතව තවත් ගවයින් දෙදෙනෙකු හා අවට පිහිටි ගම්මානයක තවත් ගවයෙකු වශයෙන් මේවනවිට මී ගවයින් 5දෙනෙකු ඝාතය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
 
කලින් කලට සිදුවන නකල්ස් වන භූමියේ සත්ව ඝාතනයන් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළාප භාර වන නිලධාරි එම්.සී. ඉළුක් කුඹුර මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ වසරකට පමණ පෙර වාර්තා වූ ගව ඝාතන සිදුවීම් හැරුණු විට නව තත්ත්වයන් පිළිබදව මේ වන විට වාර්තා වන බවය.
 
කෙසේවෙතත් නකලස් කළාපයේ වන සතුන් දඩයම සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කියා සිටි ඉළුක් කුඹුර මහතා අවධාරණය කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු නම සදහන් කිරිමට අකමැතිවු ඝාතනය වු ගවයින් දෙදෙනෙකුගේ හිමිකරුවෙකු කියා සිටියේ නකලස් වන පෙත තුළ  කලක් තිස්සේ සිදුවන ගව ඝාතනයන් සම්බන්ධයෙන් වග කිවයුතු කිසිවෙකුත් නොමැති බවයි.සී සා අවසන් වී සති දෙකක් පමණ ගතවී ඇති මොහොතක සිය ගවයින් දෙදෙනෙකු මස් පිනිස ඝාතනය කර ඇති බව කියා සිටි හෙතෙම අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් වග කිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවය.



අදහස් (8)

නකලස් කලාපයේ මී ගවයින් මරා හිස් මහමග දමාගිහින්

Raveendra Friday, 15 January 2021 11:42 AM

මෙවන් පාපතරයින්ට මෙලොවදීම සියලු සැප සම්පත් ළඟාවනු ඇත.

:       2       16

Nihal Friday, 15 January 2021 01:28 PM

ඔය පැත්තේ හරක් මස් කන අය වැඩියි.

:       2       11

මෝ Friday, 15 January 2021 02:37 PM

කියන්න තියෙන්නේ කැලෑවල් ටිකත් උලාකාලා වන සතුන්වත් මරන් කාලා පුරාවස්තු ටිකත් ඩෝසර් කරලා රටම කාපියව් කියලා තමයි. මේවා බලන්න නායකයෙක්, රජයක් හෝ නිලධාරියෙක් නැති නිසා දේව සාප තමයි ඉදිරියේදී ලැබෙන්නේ...

:       3       17

chandima Friday, 15 January 2021 03:42 PM

හලාල් කරලා වෙන්න ඇති..?

:       3       18

prabha Friday, 15 January 2021 08:21 PM

නළල, දිගන, අකුරණ, මාතලේ, උඩු දුම්බර ළඟම තියෙන නගර...

:       0       0

Vimukthi Saturday, 16 January 2021 10:49 AM

බෞද්ධයන් වශයෙන් අප යනෙනා මේ සංසාර ගමනේදී ලොව සියලු සත්වයෝ අපගේම නෑදෑයන් බව රහසක් නොවේ. සත්වයකුගේ ප්‍රාණයක් නසන්නට පෙර සිතන්න... යම්කිසි විටෙක එම සත්වයා ඔබේම මවක්, පියෙක්, සහෝදරයෙක්, එයයි මේ සංසාර ගමනේ ස්වභාවය.

:       0       0

sam Saturday, 16 January 2021 11:37 AM

පාපතරයින්ට වැහි නැති හෙන ගහන්න ඕනේ. දෙවියනි, ඔබ කොහේද ඉන්නේ? මේ රටේ වෙන දේවල් බලන්නේ නැද්ද? පාපතරයින්ට දඬුවම් දෙන්නේ නැද්ද?

:       0       0

don perera Saturday, 16 January 2021 12:26 PM

දැන් මේ රට පව්කාරයින්ගේ, මෝඩයින්ගේ නිජබිමක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 128 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 211 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site