(සුජිත් හේවාජුලිගේ)
මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමටද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
විශේෂයෙන් බත්තලන්ගුණ්ඩුව, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවාගෙන සිටින බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
වාරකන් හේතුවෙන් මේ දරුවන් ධීවර ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල රැඳී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විපරමින් සිටින ලෙස පොලීසියට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
2025 නොවැම්බර් මස 21
95
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
183
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1045
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කරවල වාඩිවල සිටින දරුවන් සොයා පොලිස් මෙහෙයුමක්
ganegoda Tuesday, 27 July 2021 01:48 PM
රිෂාඩ් බදියුදීන් නොහිටින්න හුඟක් දේවල් අතපසු වෙන්න ගිහින් වගේ...
NMTuesday, 27 July 2021 04:37 PM
ලංකාවේ දුප්පත් අසරණ පවුල්වල දරුවන් පාසල් නොයවා මෙහෙකාර සේවයේ යොදවා ගැනීමට දැඩි දඬුවම් ලැබිය යුතුවේ. මෙවැනි ආකාරයට දුප්පත් අසරණ පවුල්වල දරුවන් පාසල් නොයවා මෙහෙකාර සේවයේ යොදවා ගැනීම නිසා එම දරුවන්ට කිසිදු අධ්‍යාපන දැනුමක්, සමාජීය දැනුමක්, සිතීමේ හැකියාව පමණක් නොව සමස්ත අනාගතයම විනාශ කරන්නා වූ මෙම දරුවන් යොදවා කරන මෙහෙකාර සේවය අත්හිටුවිය යුතුවේ. මෙහෙකාර සේවයේ යොදවන දරුවා වැඩිහිටියකු වූ පසු සමාජයේ සිදුවන්නා වූ දුෂිත ක්‍රියාවන් හට සම්බන්ධ වේ. එයට හේතුව නම් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් නොමැතිව කිසිඳු රැකියාවක් හෝ පුහුණුවක් ලබාගැනීමට නොහැකි වීම වේ. මෙම මෙහෙකාර සේවයේ යොදවා ගන්න දරුවන් බහුතරයක් ලබන්නේ වතුකරයෙනි. දශක ගණනාවක් එම ප්‍රදේශවල සිදුකරනලද මෙම අමානුෂික ක්‍රියාව ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය නිලධාරින්, දේශපාලකයින් 100%ක් දැනුවත්ව සිදුවේ. අසරණ පවුල්වල දරුවන් පාසල් නොයවා මෙහෙකාර සේවයේ යොදවා ගැනීමට එරෙහිව මේ වනවිට බොහෝ දේශපාලකයින් කිඹුල් කඳුළු සලමින් මාධ්‍යයට වොයිස් කට් ලබාදෙමින් වීරයන් වීමට උත්සාහ කරමින් සිටි.
මොලේ මොලේ Tuesday, 27 July 2021 02:12 PM
මෙහෙම කලින්ම ඔත්තු දුන්නාම ඔවුන් කලින්ම හංගයි.. මාර මොලේ...
royfedricks Tuesday, 27 July 2021 03:49 PM
ඇයි නිළියන්ගේ වැඩ ඉවරද? කරවල වේලන්න හදන්නේ?
kalpila Tuesday, 27 July 2021 04:13 PM
කොළඹ 07 වැඩේ ඉවර කරලා අනික් ඒවා පටන්ගමු... නැත්නම් ඔක්කොම භාගයට...
kamal Tuesday, 27 July 2021 04:16 PM
වාඩි වලා ඉන්න අය බයකරලා, නිකන් කරවල ගන්න කරන මගඩියක්...
NM Tuesday, 27 July 2021 04:37 PM
විශේෂයෙන්ම වතුකරයේ දේශපාලකයන් සියලු දෙනාම ඔවුන්ගේ ජනතව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර තිබෙන බව මෙයින් මනාවට තහවුරු වේ. ඡන්දය ලබාගැනීමට පමණක් ඔවුන් වෙත යාම පමණක් කර වතුකර ජනතාවගේ මූලික ගැටළු මගහැර තිබෙන බව තහවුරු වේ. ඉදිරි ජනාධිපතිවරණයකදී /මැතිවරණයකදී කවුරුන් හෝ අලුත් කෙනෙකු වතුකර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළහොත් වතුකර ජනතාව 100%ක් ඔවුන්ගේ ඡන්දය ඔවුන්ගේ අවශ්‍ය දේ ලබාගැනීම වෙනුවෙන් ලබා දෙනු ඇත. වතුකර ජනතාවද ඔවුන්ගේ වර්තමාන දේශපාලකයින් පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඉදිරි මැතිවරණයකදී ඔවුනට එ් සඳහා අවස්ථාවක් ලැබේ.
විජිත් Tuesday, 27 July 2021 04:54 PM
මේ හාදයා ෆැන්ටසිවල ජීවත්වෙන මොලේ අමාරු කාරයෙක්... අපි චූටි කාලේ චිත්‍ර කතාවකුත් තිබුනා වහල් දුපත කියලා. රටේ අගහිඟකම් වැඩිවෙන විට මිනිසුන්ගේ හිත් වෙනත් දිශාවකට යොමුකරන්න ලස්සන සුරංගනා කතා, හිච්කොක්ගේ වගේ භයානක කතා... මවන්න මෙයා නොකරන උත්සාහයක් නැහැ.
fairoos Tuesday, 27 July 2021 05:10 PM
ළඟදීම කරවල හිඟයක්.. දෙයියෝ සාක්කි..!
ලලිත් එම් Tuesday, 27 July 2021 06:12 PM
ඇයි අර ඔත්තු බලන ඩ්‍රෝන තාක්ෂණය? ඒවා යවලා බලන්න පුළුවන්නේ. අනේ ගොන්පාට් එපා... මේ 21 වැනි සියවසේ...