IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘කරුණා උතුරේ ඡන්ද එකතු කරද්දී ඒ කඳවුරේ අනෙක් අය දකුණේ ඡන්ද එකතුකරනවා’

(නිමල කොඩිතුවක්කු)
 
කරුණා අම්මාන් රණවිරු ඝාතන පිළිබඳ උදම් අනමින් උතුරේ ඡන්ද එකතු කරද්දී එම කඳවුරේම අනික් පිරිස ඒවා හෙළා දකිමින් දකුණේ ඡන්ද එකතු කරන  බව ජාතික භික්ෂු පෙරමුණේ  ලේකම් වකමුල්ලේ උදිත  හිමියෝ කොළඹදී අද(23) පැවසූහ.
 
මැතිවරණයට පෙරත් මැතිවරණයෙන් පසුත් මේ සියල්ලෝම එකම කඳවුරක බැවින් ජනතාව මේ පිලිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.
 
කොළඹ තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ  ලේකම් වකමුල්ලේ උදිත  හිමියෝ වැඩිදුරටත් මෙසේද සඳහන් කළහ.
 
    “දැන් මැතිවරණ සමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මැතිවරණයත් සමග එක් එක් පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ කථිකාවක්  ඇතිවිය යුතුයි.  එහෙත් අවාසනාවකට  දැන්  සමාජගතවෙලා තිබෙන මාතෘකා  දිහා බලපුවහම අපිට හිතෙනවා දඩයම් යුගයේ දඩයක්කරුවන්  ටිකක් පත්කරන්න සූදානම් වන කාලයක්ද කියලා. දැන්  කරුනා අම්මාන්  තමන්ගේ දඩයම් කිරිමේ ශක්තිය පෙන්නුම් කරනවා.  මම අහවල් තැන දෙදාහක් මැරුවා අහවල් තැන දාහක් මැරුවා. මම කොරෝනා වලට වඩා භයානකයි කියලා ඔහු ඔහුගේ   දඩයමේ ප්‍රමාණය සමාජගත කරනවා.
 
අනික් පැත්තෙන් නැගෙනහිර පලාතේ  ජීවත්වෙලා සිංහල සමාජය නියෝජනය කරන  සරත් වීරසේකර මහතා වගේ අය කොළඹට ඇවිත්  අපි එල්. ටී. ටී. ඊ  එකට විරුද්දව මෙහෙම  කළා. දෙමල ඩයස්පෝරාවට එරෙහිව මෙහෙම කළා කියලා ප්‍රකාශ කරනවා. දඩයම් යුගයේ ඡන්දයක්ද මේ පවත්වන්නේ කියලා අපි අහනවා.මේක 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ  බොහෝ ජයග්‍රහණ අත්පත්කරගෙන ඉන්න සමාජයක්.  නමුත් ඉදිරිපත්වෙලා ඉන්න සමහර අයගේ ප්‍රකාශයන් තුළ පේන්නේ අර දඩයම් යුගයේ හැසිරිමයි. මගේ කන්ඩායම ඒ නිසා කිසි අවුලක් නෑ කියන  හැඟීමෙන් මේවා දෙස බැලුවොත් විශාල හානියක් රටට සිද්ධ වෙනවා. 

කරුණා අම්මන් කියන්නේ කවුද කියලා බබාලා  නොවන හැමෝම හොදටම දන්නවා. ඔහු එල්.  ටී. ටී. ඊ සංවිධානයේ  නැගෙනහිර සන්නද්ධ නායකයා විදියට කටයුතු කළා කියලා දන්නවා.  ඔහු අරන්තලා භික්ෂු ඝාතනයට සම්බන්දයි කියලා දන්නවා. ඔහු ශ්‍රී මහාබෝධියේ  ප්‍රහාරයට, දළදා මාලිගාවේ ප්‍රහාරයට සම්බන්ධයි  කියලා දන්නවා. අලිමංකඩ ප්‍රහාරයට සම්බන්දයි කියලා දන්නවා. මහින්ද රාජපක්ෂ  මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මොහු කවුද  කියලා හොදින්ම දන්නවා.
 
එහෙම දැනගෙන තමයි ඔහු  ශ්‍රී ලාකා නිදහස් පක්ෂයේ උපසභාපති ධුරයට පත්කරගන්නවා. මහින්ද  රාජපක්ෂ මහතා එතකොට සභාපති. ඔහුට විතරයි එතකොට අර ධුරය දෙවැනි වෙන්නේ. සුසිල්  ප්‍රේමජයන්ත ඇමතිවරයා එහි ලේකම් ඒ නිසා මේ සියලු දෙනාම හරි  හොදයි කියලා සුබපතලා පිලිගත්තා.
 
කරුණා අම්මාන්  දෙවරක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වෙලා ඇමතිකම් දැරුවා.  මෙවරත් ජාතික ලයිස්තුවෙන් ආරාධනා කළා කියලා කිව්වනේ. එහෙම කෙනා සම්බන්දයෙන් අද ගෝඨභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මොකක්ද කියන්නේ කියලා අපි අහනවා.
 
විමල් වීරවංශලා, උදය ගම්මන්පිල, කරුණා අම්මාන් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ ගොඩනගන වෙලාවේ හවුල්කාර පක්ෂ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් කියනවා මොහු අපේ පක්ෂයේ නෙමෙයිලු. නැට්ටයි වැලගෙඩියයි වෙන්කරන්න පුලුවන්ද කියලා අපි අහනවා. 

මේ ඔක්කොම එකම අය. අපේ නෙමෙයි කියලා ජනතාව රවට්ටන්න එපා. මේ අය කරුණා අම්මාන්ට මොකක්වත් කරන්නේ නැහැ.  ඒ නිසා මේ අයගේ ක්‍රියාපිලිවත පිලවෙත පිළිබඳ ඉතා ගැඹුරින් හිතලා මැතිවරණයේදි නිවැරදි තින්දුවක් ගන්න  කියලා අපි ජනතාවට කියනවා.

2011 ලොක්ක කුසලානය පාවාදුන්නා කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විදියට ප්‍රකාශයක් සිදුකළා. අවුරුදු  නමයකට පස්සේ  මේ ප්‍රකාශය කරන්නේ ඇයි කියලා අපි ඔහුගෙන් විමසනවා.

මේ තරඟය නරඹන්න ඉන්දියාවේ වත්මන් අගමැති මොදි මහතාත් එක්ව සිටියා. ලංකාවේ  එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ තරඟය නරඹන්න ගිහින් හිටියා. ඔය කියන මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් එක්ව සිටියා.  ක්‍රීඩකයෝ පාවා දුන්නේ නැහැ කියලා   මහාන්දානන්ද මහතා  පැහැදිලිවම කියනවනම් මහින්ද රාජපක්ෂ මහතාද පාවා දුන්නේ කියලා අපි අහනවා.
ක්‍ර්‍රීීඩකයෝ නෙමෙයිනම් කවුද කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා වහාම රටට හෙලි කල යුතුයි. එසේ නැත්නම් මේ චෝදනාවේ ප්‍රධානතම  චූදිතයා බවට පත්වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.  ඒ නිසා මේ සම්බන්ධව රටට සත්‍ය හෙලි කරන්න අගමැතිතුමන්ටත් විශාල වගකිමත් තියෙනවා” යැයිද උන්වහන්සේ එහිදි පැවසුහ.

(ඡායාරූපය - නිමල කොඩිතුවක්කු)
 



අදහස් (8)

‘කරුණා උතුරේ ඡන්ද එකතු කරද්දී ඒ කඳවුරේ අනෙක් අය දකුණේ ඡන්ද එකතුකරනවා’

Wasudewa Tuesday, 23 June 2020 09:34 AM

ඔමල්පේ හාමුදුරුවන්ට පින් සිද්දවෙනවා මේ තක්කඩි දේශපාලනයේ ඇත්ත රටට හෙළිකරන එකට... ඒත් දැන් හැමදාම හොරට සිවුරු දාගෙන ඉන්න කට්ටියගේ නම් වොයිස් කට් ටීවී එකේ දකින්නවත් නැහැ කරුණා අම්මාන් ගැන.. දැන් ඒ කට්ටිය හැංගිලා ඉන්නේ... බෞද්ධයෙක් හැටියට අපිටත් ලැජ්ජයි.

:       69       448

siri Tuesday, 23 June 2020 10:02 AM

රණවිරුවන් හැටියට සමහරුන්ට පෙනෙන්නේ හිරේ ඉන්න කට්ටිය මිස කරුණා මරාදාපු කට්ටිය නෙවේ නේද ? මාර වැඩේ ලංකාවට වුනේ...

:       1       288

ධනා Tuesday, 23 June 2020 10:05 AM

කාදිනල් හිමිපාණනුත් මාධ්‍ය සාකච්ඡා තියලා මෙහෙම කතාවක් දෙකක් කිව්වානං පාස්කු දවසේ තාත්තාගෙන් අහලා පල්ලි ගියේ නැති පුතාගෙන් එකඑක කතා අහගන්නේ නැතුව ඉන්න තිබ්බා..

:       2       26

Nishan Tuesday, 23 June 2020 10:48 AM

කිසිම නිගාවක් නෑ. සම්පූර්ණ ඇත්ත කිව්වේ. කාදිනල් තුමා පොහොට්ටුවේ වේදිකාවට නැග්ගේ නැති ටික විතරයි. අනිත් හැම අතින්ම උපරිමෙන් ඔවුන්ට කඩේ ගියා...

:       2       159

මුනසිංහTuesday, 23 June 2020 11:56 AM

එහෙමනම් යහපාලනයම කරලා තියෙන්නේ පොහොට්ටුවට උදව් කරපු එක... මොකද යහපාලනය නොදැන කරපු ප්‍රහාරයක් නොවන නිසා...

:       1       3

සෙනෙවිරත්න Tuesday, 23 June 2020 01:30 PM

මේ ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්තයි...

:       0       76

නොකවුට් Tuesday, 23 June 2020 01:46 PM

ජේ.වී.පී. උන්නාන්සේලා ටිකක්ද කොහේද?

:       104       0

Bamunuarachchi Friday, 26 June 2020 01:46 AM

හාමුදුරුවනේ, එහෙම ඡන්ද එකතු නොකරන පිරිසකුත් ඉන්නවද? හාමුදුරුවනේ ඕක කියන්න තරම් දෙයක් නොවෙයිනේ... ඡන්දෙ කාලයට කව්රු, කව්රුත් තමන්ගේ ප්‍රදේශයේ නොගිය ගම් වලටත් යනවා ඡන්දෙ ඉල්ලගෙන... කරුණා අම්මාන් ත්‍රස්තයෙක් හැටියට එයාගේ කාර්ය කළා. මෙයා ඒ කාලේ කරපු ත්‍රස්තවාදී වැඩගැන හාමුදුරුවෝ දන්නේ මෙයා කීවට පසුවද? එතකම් දැනගෙන සිටියේ නැද්ද? දැනගෙන සිටියා නම් ගිය අවුරුදු 4 1/2 යහපාලන ආණ්ඩුකාලේ මෙයාව අත් අඩංගුවට නොගත්තේ ඇයි?

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site