
( ඩී.ජී.සුගතපාල)
රුපියල් කෝටි 50 කට අධික වටිනා කමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටි දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා ලබන මස 8වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය.
සැකකරුවන්ට සම්බන්ධ තවත් දුරකතන අංක දහයක ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙසට ආදල දුරකතන සමාගම්වලටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු කලුතර පොලිසියේ අධිකරණ කටයුතු අංශය බාරව කටයුතු කරන ලද වාද්දුව පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරික්ෂක ටි .සනත් කුමාර ද සිල්වා,කොළඹ 15 අලුත් මාවත පදංචි රාමයියා සම්මුගනාදන්,සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවෝ තිදෙනා වෙති.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් කියා සිටියේ මේ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් නොමැති අතර සැකකාර උප පොලිස් පරික්ෂකවරයා මෙයට පෙරද නිල ඇඳුමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරනයවි ඇති බවය. එනිසා මෙම සැකකරුවන් රිමාන්ඩ් කිරිමෙන් පසු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විදේශිය සම්බන්ධතා ඇති බවට සැකකරන නිසා තවත් දුරකතන අංක දහයක ඇමතුම් විශ්ලේශන වාර්තා ලබාදෙන ලෙස ආදල දුරකතන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරිහු ඉල්ලා සිටියහ.
එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවයාරටත් අදාල දුර කතන සමාගම්වලටත් එම නියෝග නිකුත් කලේය.

2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ්