IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය විමසා බලන්න යයි

(ජයන්ත සමරකෝන්)

 
වැලිකඩ බන්ධනාගාරයේ පිහිටුවා ඇති එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය මැනබැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානය විසින් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇත.

මේ වනවිට බන්ධනාගාරය සතුව ඇති එකම එල්ලුම්ගස වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පවතී.

බෝගම්බර බන්ධනාගාරය, මහනුවර නගරයන් ඉවත්කිරීමෙන් පසු එහි පිහිටි එල්ලුම්ගසද ගලවා ඉවත් කෙරිණි.
 
අදාළ වාර්තාවට අනුව කළයුතු හදිසි ප්‍රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු සිදුකරන බවද එල්ලුම්ගස සහිත කුටිය මේ දක්වා යහපත් තත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.
 
1884 පෙබරවාරි 11වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි එල්ලුම්ගස ඉංග්‍රීසීන් විසින් ඉදිකර ඇති බවත් එදින සිට 1979 ජූනි 23 දක්වා 2735දෙනෙකු එහිදී එල්ලා මරා දමා ඇති බවත් බන්ධනාගාර වාර්තාවල දැක්වේ.



අදහස් (9)

එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය විමසා බලන්න යයි

Bamunuarachchi Monday, 25 March 2019 12:05 PM

ඕකට ඔච්චර දඟලන්න ඕනෙද ඉනේ දාන පටියෙනුත් මිනිස්සු එල්ලිලා මැරෙන්නේ. කාව භය කරන්නද මේ හදන්නේ?

:       0       12

අතුල Monday, 25 March 2019 01:02 PM

මරණ දඬුවමට නියමවූ කෙනෙක් එල්ලන්න කලින්, වෙන කෙනෙක්ව එල්ලලා බලන්න ඕනෑ අත්හදා බැලීමක් විදියට

:       0       17

menna Monday, 25 March 2019 02:53 PM

ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ කාලේ ඉඳන් ලංකාව නියම අතට හැරිගෙන ඇවිල්ල තියෙනවා වගේ.

:       0       10

Aris Monday, 25 March 2019 05:18 PM

එල්ලිලාම බලන්න වෙයි.

:       0       2

අලුගෝසුවා Tuesday, 26 March 2019 05:30 AM

මේ රට අවුරුදු 2500ක් ආපස්සට ගෙනියන්න කතා කරන පොරක්. අත්හදා බලන්න ගන්න පුලුවන්නම් රටටම් ලොකු සෙතක්.

:       0       0

කමල් Tuesday, 26 March 2019 01:57 AM

පඹයා එල්ලලා බලමු ඉස්සෙල්ලා

:       0       0

Bamunuarachchi Tuesday, 26 March 2019 08:26 AM

අලුගොසුවාම එල්ලමු අපිට බලාගෙන ඉන්න පුළුවන් මැරෙන හැටි මොන ජොලිද? ඊයේ පෙරේදා ජොබ් එකක් බාර ගත්ත අලුගෝසුවා ලියිට් කම්බියක වව්ලෙක් එල්ලිලා ඉන්නවාවත් දැකලා නැත...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 26 March 2019 12:11 PM

මඩුවලිගෙන් තලන්නවත් බැරිඋන ලොක්කෝ ඉන්න රටක "එල්ලනවා" කියන්නේ තුට්ටු දෙකේ ජෝක්ස් !!!! 1884 පෙබරවාරි 11වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි එල්ලුම්ගස ඉංග්‍රීසීන් විසින් ඉදිකර තිබේනම් ඒක දැන් ගුල්ලෝ ගහල හොඳට දිරලත් ඇති! එදින සිට 1979 ජූනි 23 දක්වා 2735දෙනෙකු එහිදී එල්ලා මරා දමා තිබෙන එම එල්ලුම් ගසට කියවන්න දිග කතාවල් ගොඩක් තිබෙන්නත් පුළුවන්. ඔය ගහ යළිත්වරක් මිනීමැරීම සඳහා යොදා ගන්නවා වෙනුවට කොළඹ හෝ මහනුවර "කටුගෙයක" මහජන ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කලොත් එයින්ම කුඩ්ඩො පාඩම් ඉගෙන ගනීවි!!!!

:       0       0

rocky Tuesday, 26 March 2019 01:59 PM

වටේට පස බුරුල් කරලා පොහොර ටිකක් දාලා හොඳට වතුර දාන්න... බැරිවෙලාවත් ග්ලයිෆොසේට් නම් දාන්න එපා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site