(බිඟුන් මේනක ගමගේ)
බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බෝම්බ ඉවත් කිරීමේදී පළඳින ආරක්ෂිත කබා, බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා හා ආරක්ෂිත හිස්වැසුම් තොගයක් සඳහා කැඳවා ඇති මෙම ටෙන්ඩරය මුළුමණින්ම පාරදෘශ්‍යභාවයෙන් තොර ගනුදෙනුවක් යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ ඊට ඉදිරිපත් වූ දේශීය සමාගම වන ඩිනිමා හයිපර්ෆෝමන්ස් පෞද්ගලික සමාගම විසිනි.
ඊට අනුව බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා (JACKET DEMINER ) (PPE& WITH APRON) 300ක් ද බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබා (Jacket team leader (PPE) 100ක් හා ආරක්ෂිත හිස් වැසුම් (WISOR With Helmet) 100 ක් වශයෙන් මිලදී ගැනීමට පුවත්පත් දැන්වීමක් මගින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක්
එදිරිසිංහ Tuesday, 22 October 2019 01:28 PM
දේශීය සමාගමේ අයට එයාලගේ ආරක්ෂක ඇඳුම අන්දලා බෝමබයක් පුපුරවාගෙන පෙන්නන්න පුළුවන් කිව්වා නං හරිනේ. මෙතැනදී වැය කරන මුදල වාගේම ඇඳුමේ ගුණාත්මක භාවය බලනවා. දේශීය සමාගමක් කියලා බාල ඇඳුමක් අරං බෝම්බ නිෂ්ක්‍රීය කරන ජිවිත හෑල්ලුවට ලක්කරන්න බැහැනි.
අනුරWednesday, 23 October 2019 01:51 AM
ඇයි දේශීය සමාගමේ අයට විතරක් අනිත් අයටත් ඇඳුම අන්දලා බෝමබයක් පුපුරවාගෙන පෙන්නන්න කියන්න
අප්පුහාමි මාමාWednesday, 23 October 2019 04:30 AM
බෝම්බ පරීක්ෂා කරන වැඩේට යොදාගන්න හොඳම ඉතාම සුදුසු ඩමි දෙසිය විසිපහේ සෙට් එකක් කෝට්ටේ දියවන්නාව වැව මැද තියෙනවා
Akila Wednesday, 23 October 2019 02:49 AM
දේශීය සමාගම් ,නිෂ්පාදන කරුවන්ව නැතිකරලා පාගල දාන එකම රට ලංකාව මොකද අඩු මුදලට ගතහොත් ඇමතිගේ ඉඳල අදාල නිලධාරීන් දක්වා කොමිස් ගාන දෙන්න බැහැනේ .
Chathura Wednesday, 23 October 2019 03:55 AM
කොමිස් තමයි හේතුව