IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ආබාධිත රණවිරුවන්ට අවසන් වැටුපට සමාන විශ්‍රාම වැටුපක්

(රංජන් කස්තුරි)

විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් අවසන් වරට ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (24) තීන්දු කළ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය. ඔවුන්ට මෙතෙක් ලැබුණේ විශ්‍රාම වැටුප පමණක් වන නමුත් මින් ඉදිරියට ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් දිවි ඇතිතෙක් ලබාදෙන බවද ඇමැතිවරයා කීය.


යුද්ධය හේතුවෙන් ආබාධිත තත්තවයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සියලු සාමාජිකයින්ට මෙම සහනය හිමිවන බවද මංගල සමරවීර මහතා පැවසීය.

ආබාධිත විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකුට මෙතෙක් විශ්‍රාම වැටුප ලෙස ලැබුණේ රුපියල් 81,000 ක් වන නමුත් මින් ඉදිරියට රුපියල් 111,482.95 ක විශ්‍රාම වැටුපක් දිවි ඇති තෙක් හිමිවන බවද ඇමැතිවරයා කීය.

එහෙත් මියගිය විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට එම සහනය හිමි නොවන අතර ඔවුන්ට හිමිවන්නේ කලින් ලැබූ විශ්‍රාම වැටුප පමණක් බවද ඇමැතිවරයා කීය.



අදහස් (7)

ආබාධිත රණවිරුවන්ට අවසන් වැටුපට සමාන විශ්‍රාම වැටුපක්

sirimal Tuesday, 24 September 2019 03:24 PM

අනේ මහත්තයෝ පඩි බලාගෙන නෙවේ නේ මේගොල්ලෝ උපවාස කරන්නේ. දැනට ජනාධිපති වරණය සඳහා එනවා කියන කෙනා දිනවන්න නේ. 2009 ට ඉස්සරවෙලා නේද මේ සියලුම දෙනා අභාධිත උනේ. ඉතින් එදා ඉඳල 2015 වෙනකල් පැවති ආණ්ඩුව යුධ ජයග්‍රහණය විකුනාගන කෑවාට මේ ආබාධිතයින්ගේ දුක දිහා බැලුවේ නැද්ද ? මම නම් දන්නේ නැහැ 2009 ට පස්සේ ආභාධිත තත්වයට පත් උන කිසිම කෙනෙක් මෙතන උපවාස කරනවා කියල. බැරිවෙලාවත් ජනාධිපති වරණයෙන් සජිත් ( එයානේ එනවා කියන්නේ ) දිනුවොත් මේ උපවාස දිගටම කෙරෙයි ඔන්න.

:       0       0

Amila Tuesday, 24 September 2019 04:30 PM

ඉතා හොද දෙයක්. කවුරු මොනවා කිව්වත් නීතිගරුක ආරක්ශක අන්ශ වල අයට සිරිසේන ජනාධිපතිතුමා සහ මේ ආන්ඩුව සැමවිටම උදව් කරා. මහ ලොකුවට රනවිරුවෝ ගැන බේගල් ඇදබාපු මැදමුලනේ පවුල් පෙරමුණ රනවිරුවන්ට කරපු හොදක් නෑ.. පවුල් පාලකායා සහ ඇමරිකන් කාරයා ෆොන්සේකාව හිරේ යැව්වා ඒ මනුස්සයාගේ විශ්‍රාම වැටුපත් නැතිකරා. පවුලෙන් පලිගත්තා. හිටපු හමුදාපති මහේශ් සේනානායක ඇතුලු මෙජර්වරු විශාල ප්‍රමාණයක් රැකියාවෙන් නෙරපලා පලි ගත්තා. ෆොන්සේකගේ ආරක්ෂාවට එවකට හිටපු හමුදාවේ අයව දනගස්වලා ඒට පස්සේ මාන්චු දාලා අරන් ගිය හැටි තාම මතකයි.. ඔහොම අසමජ්ජාති වැඩ කරපු අය තමා මැදමුලනේ පෙරමුණ.. අනික 2009 සිට 2015 වෙනකන් මැදමුලනේ හාමුට බලේ තියෙද්දී මේ ආබාධිත රනවිරුවන්ට කරෙත් කෙනෙහිලිකම්.. සිරිසේන මහත්තයා සහ රජය තමා මේ ප්‍රශ්නත් විසදුවේ.

:       0       0

CHANDIMA Tuesday, 24 September 2019 04:53 PM

ප්‍රශ්නය: රටේ සල්ලි හොරකම් කරලා, කරලා, ජනතා මුදලින් ලෝකේ වටේ රවුම් ගහලා, සිංගප්පූරුවෙන් කැස්ස, හෙම්බිරිස්සාවට බෙහෙතුත් අරන්.. තීරුබදු රහිතව අවුරුදු පතා වාහනත් ගෙන්වාගෙන එව්වා. රටේ පවතින මුදලට විකුණගෙන ඒ ලාබෙත් අරන්, සුවචව කීකරුව කියන කියන පැත්තට අත් ඉස්සුවට රාජ්‍ය ඇමතිකම්, ව්‍යාපෘති ඇමතිකම්වලත් ඉඳලා, අන්තිමේ තමන්ගේ තනතුර බිරිඳට නැතිනම් පුතාටත් බාරදීලා යන මන්ත්‍රී කෙනෙකුගේ විශ්‍රාම වැටුප කීයද? ඒ වැටුප ඔහුගේ ඇවෑමෙන් යැපෙන්නන්ට මුළු මුදලම ගෙවනවද?

:       0       0

CHANDIMA Tuesday, 24 September 2019 05:00 PM

පසුගිය දවස්වල ඩොලර් එක බැහැපු හැටියට ඔය දෙන්නේ මීට මස 6කට කලින් ගත්තු වටිනාකමට සරිලන වැටුපක්නේ...

:       0       0

sudath Tuesday, 24 September 2019 06:22 PM

ප්‍රශ්න පාරට ගෙනාවිට, කිසි සැලකිල්ලක් නොදක්වන බව කීවේ මෙතුමාම නේද? කමක් නැහැ ඔහොම යන්...

:       0       0

gunarathna Wednesday, 25 September 2019 01:47 AM

මේ දෙන දේවල් සියල්ලම පොලිසියටත් ලැබෙනවා. නමුත් පොලිස් ලොක්කෝ මේ ආබාධිත විරුවන්ට පාට් දාන එක දැන්වත් නතර කරන්න ඕනේ...

:       0       0

rocky Wednesday, 25 September 2019 05:32 AM

මට නම් මේ රණවිරුවන් ගැන මුලදී තිබුන ගෞරවය වෙනුවට දැන් නම් ලොකු කලකිරීමක් ඇති වෙනවා. ආබාධිත වුනේ යුද්දෙදි බව ඇත්ත. එත් ඒ පලියට රටට බරක් වෙන්න අයිතියක් තියනවද? රට වෙනුවෙන් කළ වෙනත් රාජකාරිවලදිත් ආබාධිත වුන රජයේ නිළධාරීනුත් ඉන්න බව අමතක කරන්න එපා. ඔවුන්ටත් මේ සැලකිල්ලම දැක්විය යුතුයි.

:       61       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site