IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ආණ්ඩුවට එළුවයි මුට්ටියයි දෙකම බේරගන්න බැරිවුණා

(නිමල කොඩිතුවක්කු)
 

මහදැන මුත්තාගේ කතාවේදී මෙන්  ආණ්ඩුව එළුවත්, මුට්ටියත් දෙකම අහිමි කරගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  පාලිත රංගේ බණ්ඩාර මහතා කොළඹ දී අද (3) පැවසීය.

ආණ්ඩුවට අද වන විට ජනවරමත්, ජාත්‍යන්තරයත්, ජාතික සම්පත් යන සියල්ල අහිමි වී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ජාතික සම්පත් සුරකින බවට පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුවට අද සිදුව ඇති දෙය පිළිබඳ ජනතාව බලා සිටින බව ද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

"මේ ආණ්ඩුව එක බොරුවක් වහගන්න තවත් බොරු රාශියක් ගොතමින් බොරුවෙන් ජීවත් වෙනවා. බොරුවෙන් ජීවත් වෙන ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිද්ධියේදී තමන්ගේ හෙලුව රටට පෙන්නුවා.

මහදැනමුත්තගෙ තීන්දුවේ අනිත් එක තමයි මෙතන දී රජයට සිද්ධ වුණේ. මහදැන මුත්තාට එලුවා බේර ගන්නත් බැරිවුණා මුට්ටිය බේර ගන්නත් බැරි වුණා. 
 
ආණ්ඩුවටත් අද එකක්වත් බේරගන්න බැරි වෙලා තියනවා. අද ආණ්ඩුවට වරාය බේරගන්න බැරි වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් ජාත්‍යන්තරය අහිමි වෙමින් යනවා, තව පැත්තකින් තමන්ගේ  ජන වරම අහිමි වෙලා තියනවා. මේ ආණ්ඩුවට නිසි දැනුමක් නිසි කළමනාකරණයක් නොමැති වීම මෙයට හේතුවයි.’’



අදහස් (12)

ආණ්ඩුවට එළුවයි මුට්ටියයි දෙකම බේරගන්න බැරිවුණා

Ras Wednesday, 03 February 2021 09:44 AM

මහ එකාට ඔය ඔක්කොම තිබ්බ නිසා තමයි, අද එකට බැහැලා නන්නත්තාර වෙලා ඉන්නේ ...

:       2       68

Senarath Wednesday, 03 February 2021 10:04 AM

ඔයාලගේ එලුවටයි, මුට්ටියටයි දෙකම කුඩුවෙන්න ජනතාව හොඳ උත්තරයක් පසුගිය ඡන්දෙදී දුන්නනේ ගෙදර ඉඳන් විශ්‍රාම සුව ගන්න.

:       4       106

Raveendra Wednesday, 03 February 2021 10:37 AM

පළමුව අපි බලයේ සිටින්නන්ට කඩේ නොයන්නෝ වෙමු. දෙවනුව රටේ දියුණුවට බාධාවක් ඇතිවීමේදී විපක්ෂයේ ඉන්න අයගේ සතුට ප්‍රකාශ කිරීම අගය කරන්නේ නම් බූරුවන් බවත් කිව යුතුයි. කවුරු බලයේ සිටියත් අපට නම් අදාළම නැත. එනමුත් රට ආපස්සට යන්නේ නම් එය අපට ඉහිලිය නොහැකි බව මේ අයට කිව යුතුමයි. රංගේට අප මෙසේද කීමට කැමැත්තෙමු. බූරුවන් උම්බෑ හඬ නගන්නේ නැත. බූරුවන් හඬලන්නේද නැත. බූරුවන්ගේ හඬ වෙන මිනිසුන්ට වඩා පුත්තලමේ ඉන්න "රඟන" බූරුවන්ට හොඳාකාරව හඳුනාගත හැකිය...

:       3       58

නුවන් Wednesday, 03 February 2021 10:57 AM

ඔබලා කිසිම දැක්මක් නැතුව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ ආනිසංස තමයි මේ ආණ්ඩුවට ගෙවන්න සිදුවූයේ... ඒක දැනදැනත් ඔවැනි ප්‍රකාශ කිරීම සාධාරණ නැහැ...

:       3       58

banda Wednesday, 03 February 2021 11:02 AM

රංගේ, ඔයාලාට ජනතාව ඔලුව කුඩු වෙන්න උත්තරයක් දීලා තියෙනව මදිද? මීළඟ ඡන්දෙදී තියන එකත් නැති වෙනවා.

:       2       61

asanka Wednesday, 03 February 2021 11:04 AM

ඇත්තට රංගේ මේ දවස්වල ඔයා ඉන්නේ කොයි පැත්තේද?

:       1       65

Ruhunu Wednesday, 03 February 2021 11:37 AM

කවුරුත් ඔහොම තමයි. එකපාරක් අපිවත් රවට්ටන්න හැදුවේ... වොඩ්කා බෝතලයකට වතුර බෝතලයක් කියලා.

:       1       52

KAHAWITAGE Wednesday, 03 February 2021 04:51 PM

මේ පක්ෂ දෙකම අතුගා දැමිය යුතුය. අලුත් කණ්ඩායමකට බලය නොදුන්නොත් මේ දෙගොල්ලෝම කරන්නේ ජාතික සම්පත් විකුණන් රටම නැති කරන එකයි.

:       0       0

Demuni de Wednesday, 03 February 2021 10:30 PM

අසමත් රාජ්‍යයක්...

:       0       0

විජේ Thursday, 04 February 2021 01:50 AM

රංගෙ මොකද කියන්නේ, එනවද?

:       0       0

Upali Thursday, 04 February 2021 03:37 AM

හම්බන්තොට කොරහත් බිඳලා කොළඹ මුට්ටියට ඔලුව දැම්මේ කවුද?

:       0       0

Bamunuarachchi Sunday, 07 February 2021 03:47 AM

මොන මුට්ටියද මොන එළුවද අපිට ඕනේ? බැලුවේ නැහැ කපුවා බෙල්ල ළඟින්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 391 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site