IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුකාරවරුන් දුර්වලයි : ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ චෝදනා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය චෝදනාවකටත් වඩා අපහාසයක් යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ඩ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ නගර සියයකට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන උද්ඝෝෂණ මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, නීති බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දුර්වල යැයි එහිදි චෝදනා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද අවධාරණය කර ඇත.

‘‘ඔබ බොහෝදෙනෙක් දුර්වලයි. ඔබට මිනිස්සු අත්අඩංගුවට ගන්න වෙනවා’’ යැයි ට්‍රම්ප් කීය.
 
 
අල්ජසීරා/රොයිටර්
 
055



අදහස් (9)

ආණ්ඩුකාරවරුන් දුර්වලයි : ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

රවින් Tuesday, 02 June 2020 10:00 AM

තමුන්ගේ ශාරීරික දුබලතාවයන් අනුන් පිට පටවනවා වගේ. ආ !!! අමතක වුණානේ පෝය කිට්ටුයි. ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක්... චන්ද්‍රයාගේ බලපෑම්.

:       0       8

Champa Tuesday, 02 June 2020 10:57 AM

කලින් හිටපු ඇමරිකන් ජනාධිපතිවරු වගේම තමන් සිරියාවට මැද පෙරදිගට දුන්නා වගේ දෙන්න කියලනේ මේ කියන්නේ. ලංකාවට ජාතිවාදී කියලා චෝදනා කරන, මානව හිමිකම් කඩ කළා කියලා චෝදනා කරන, සුළු ජාතින් මර්ධනය කරනවා කියලා චෝදනා කරන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ඔක්කොම ඇමරිකාව ගැන නිහඬයි. ලංකාවත් නිහඬයි. කතා කරන්න මේ වගේ අවස්ථාවක් ආයේ එන්නෙත් නැහැ. හැබැයි ඇමරිකන් ගැත්තෝ රට පාලනය කරන හින්දා නිහඬයි.

:       0       11

rihan Tuesday, 02 June 2020 11:08 AM

කළ කළ දේ පල පල දේ...

:       0       0

kusal02 Tuesday, 02 June 2020 12:03 PM

ඡන්දය පරදිනවා නොඅනුමානයි...

:       0       0

BamunuarachchiWednesday, 03 June 2020 05:58 AM

ලංකාවෙත් එහෙම ට්‍රම්ප්ගේ මල්ලි ඡන්දය පරදිනවා නොඅනුමානයි...

:       0       0

Rohana Tuesday, 02 June 2020 12:22 PM

ලබන ඡන්දෙන් ට්‍රම්ප් විසිවෙන ලකුණු...

:       0       0

අතපත්තු Tuesday, 02 June 2020 12:28 PM

ඇමරිකන් සිරිසේන...!!!

:       9       53

BamunuarachchiWednesday, 03 June 2020 05:57 AM

ඇමරිකන් සජිත් !! තමන්ගේම බෙහෙත් බීව ලංකා ට්‍රම්ප් !! අපිට කොරෝනා බෙහෙත් නියම කළා.

:       0       0

Bamunuarachchi Wednesday, 03 June 2020 05:55 AM

ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site