IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘අපේ පරම්පරාවේ නායකයන්ට ගම ආරක්ෂා කරන්න අයිතිය තියෙනවා’

(රංජිත් කරුණාවිර)

“අපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයකුටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙනවා. ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා.  එහෙම කථා කරම ඒ නායකයන්ට මරණීය තර්ජන හා ප්‍රහාරයන් එල්ල වෙනවා නම් එතැන සාධාරණයක් නෑ. මේ රටේ වත්මන් නායකයෝ මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියලා මම බලාගෙන ඉන්නවා.අපේ ආදිවාසී පරපුරට මේ එල්ල කළ මේ ප්‍රහාරය පිළිබඳව මම ජාත්‍යන්තරයත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා “ යැයි ආදීවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය.

බිබිල රතුගල ගම්මානයේ නායක සුදාවන්නිලා ඇත්තන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්දයෙන් අද ( 16) දහවල් දඹාන කොට බකිණිය ගම්මානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙසේ කීය.

''මගේ වරිගේ අය දිස්ත්‍රික්ක 6ක, ගම් 62ක ඉන්නවා. ඒ ගම් 62 නායකයන් 62ක් ඉන්නවා. 15 හවස මට ආරංචි වුණා. බිබිල රතුගල ගම්මානයේ ආදිවාදසී නායක සුදා වන්නියා ඇත්තන පහරදීමක් වෙලා තියෙනවා කියලා. නායකතුමාගේ බිරිඳ තමයි මාව දැනුවත් කලේ. ඊට පස්සේ මම ඒ පිළිබඳ කරුණු සොයා බැලුවාම මට ආරංචි වුණේ මන්ත්‍රීවරයකුගේ ලේකම් කෙනෙක් තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කියලා. ඒකට හේතු මොනවාද කියලත් මම අහලා හොලායා බැලුවා.

මම දැනගත්ත කරුණ තමයි, සුදා වන්නියා ඇත්තන්ගේ වත්තේ මිදුලෙන් පාරක් ඉල්ලලා තියෙනවා ඇළේ වැලි ගොඩදාන්න වාහන ගෙනියන්න. ඒ ඇත්තෝ ඒ  ප්‍ර දේශයේ සිදුවන පරිසර හානි පිළිබද මීට පෙරත් කථා කරලා තියෙනවා. වැලි කැණිම් වලින් විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. ඉවුරු සෝදා පාලුවෙලා විශාල වෘක්ෂ විනාශයට පත්වෙනවා කියලා  ඇලේ වතුර හිදෙනවා කියලා මාධ්‍යටත් කථා කරලා තිබුණා. එහෙම කථා කරා කියලා තමයි මන්ත්‍රීවරයකුගේ ලේකම් විසින් මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ.

අද දවස වෙනකොට මුලු ලෝකයම කථාවෙනවා පරිසරය විනාශ වෙනවා දූෂණය වෙනවා මිනිසුන්ට ජීවත්වෙන්න ඉන්න හිටින්න බැරි තත්වයක් ඇතිවේගෙන යනවා කියලා. අපේ රටේ ආණ්ඩුවේ ලොකු ලොකු අයත් මේ පරිසරය ගැන ලොකුවට කථා කරනවා.  පරිසරය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නගරයම සුද්ධ පවිත්‍ර කරනවා කියන එක නෙවෙයි.  පරිසරය කියන්නේ මේ කැළැව, ඇළ, දොළ ගංගා කඳු මේ ආදි සෑම දෙයක්ම මේ පරිසරයට ස්වාභාදහමට අයත් දේවල්. මේවා තමයි ආරක්ෂා වෙන්ඩ ඕනෑ. අපේ ජනවරිගය මේවා ආරක්ෂා කර ගනිමින් තමයි කැළෑවල ජීවත් වුණේ. අද දියුණුයි කියන මේ සමාජයේ මිනිසුන්ට වැඩියෙන්ම ආදායම් ලබන ව්‍යාපාරය බවට පත්වෙලා තියෙන්නේ  “වැලි“ මේ අපේ ගම්වලත් ඇළ දොළවල්වල හොරට  වැලි ජාවාරම් ජයට කෙරෙනවා.

වැලි ජාවාරම් ගැන කථා කරා කියලා බිබිල ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන්ට පහරදීලා, මරණ තර්ජන කරනවා නම් එය අපේ ආදිවාසී පරම්පරාවටම සිදු කළ ලොකු නිග්‍රහයක්.

මේ රටේ පාලකයන් අපේ පරම්පරාව පරිසරය ගැන කථා කරනවා නම් මේවාට නීතිය නිසි අයුරින්ම ක්‍රියාත්මක වෙන්න ඕන. බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක් ලෙස රටේ නීති දෙකක් ක්‍රියාත්මක වීම කොහොමත්ම සිදුවිය යුතු නෑ.

මම දැනගත්ත විදියට පොලිසියෙන් සුදාවන්නියා ඇත්තන්ගේ බිරිඳගෙන් කටඋත්තරයක් පමණක් ලබාගෙන තිබුණත් අනෙකුත් නීති කටයුතු අත්අඩංගුවට ගැනීම් තාමත් සිද්ධ වෙලා නෑ කියලයි මට ආරංචි.මේ ගැන  සොයා බලා රට පාලනය කරන නායකන්ගෙන් ප්‍රහාරයට ලක්වෙච්ච සුදාවන්නියා ඇත්තන්ට සාධාරණයක් ඉටු කරන්න කියලයි මගේ ඉල්ලිම.

මේ ගැන කථා කරන්න පුලුවන් සෑම තැනටම මම කථා කරනවා සාධාරණය ඉටු කරන්න කියලා. ජාත්‍යන්තරයටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුදාවන්නියා ඇත්තන්ට පමණක් නෙවෙයි අපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙනවා.

ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා.  ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබද කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා'' යැයි ද වන්නයලැ ඇත්තෝ පැවසීය.  



අදහස් (2)

‘අපේ පරම්පරාවේ නායකයන්ට ගම ආරක්ෂා කරන්න අයිතිය තියෙනවා’

Pradeep Sunday, 16 February 2020 01:43 PM

මෙතුමාගේ කතාව කියවද්දී මතක් වෙන්නේ එදා රතු ඉන්දීය නායක සියැටල් කරපු කතාව.. එය මිට වඩා බැරෑරුම් වුණත් දෙකේම දල අදහස සමානයි. මේ ගෝත්‍රික නායකයන්ට වැටහෙන සත්‍යය අපේ මේ උගත්යැයි කියාගන්නා පාලකයන්ට නොවැටහිමයි අභාග්‍යයට කාරණාව.

:       0       91

sharm warn Monday, 17 February 2020 04:05 AM

දේවානි නෝනා වගේ කවුරුවත් ඒ පැත්තේ නැද්ද වනාන්තර රකින්න ?? මේ අයට විරුද්ධව පොලිසිය වත් කටයුතු කරන්නේ නැහැ කියන්නේ දේශපාලන දුෂණයේ උච්චතම අවස්ථාවක් නේද ? මේකට අපි කට වහගෙන කණගාටුයි කණගාටුයි කියා කියා ඉන්න එක ද හරි ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site