IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා

(තිළිණි ද සිල්වා)

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අද (14) නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇතිඅතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව, අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත.

එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය.



අදහස් (15)

විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා

Nandalal DE SILVA - France Saturday, 14 March 2020 06:00 PM

විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා රෝගය වැළදී තිබේනම් එම නිලධාරිනියට රෝගය වැළදී නොතිබෙන්න කිසිම හේතුවක් නැත. ඇය දැන් එම රෝගය විදේශ අමාත්‍යාංශය පුරාම සම්ප්‍රේෂණය කර තිබෙන්නත් පුළුවන් බව මා දන්නා හඳුනන දොස්තර කෙනෙක් මෙන්ම බොහෝ දෙනෙකුගේද අදහසයි. ඔවුන්ගේ අදහස අනුව සමහරවිට මෙම වෛරසය ඇමති දිනේෂ් ගුණවර්ධන දක්වා ඔඩුදුවා ඇත්දැයි සාධාරණ සැකයක් ඇතිවී තිබෙන බවයි. එහෙම උනොත් එය අගමැති, ඇමති මණ්ඩලය හෝ සමහරවිට ජනාධිපතිවරයා දක්වාම පැතිරී යාහැකි නිසා රට කරවන ඇත්තන් ආරක්ෂා කිරීමට විශේෂ පියවර ගත යුතු බව ඔව්හු කියති. මහා මැතිවරණයක් අතළඟ තිබෙන මොහොතක, මෙය නම් සුබ ආරංචියක් නොවේ.

:       0       1

ජයග්ග ද සිල්වා Saturday, 14 March 2020 06:12 PM

දිනේෂ්ටත් කොරෝනා හැදිලලු.. එයාගේ ලේකම්තුමා කාටද ටෙලිෆෝන් කරලා කියන එක ඇහුණු විදේශ අමාත්‍යාංශයේ කෙනෙක් මට කිව්වා...

:       0       39

චුටි පුතා Sunday, 15 March 2020 04:16 PM

දිනේෂ්ට හැදුණා නම් එයාගේ ප්‍රයිවට් සෙකට්‍රිට අනිවාර්යයෙන්ම හැදෙනවනේ. ඊට පස්සේ ඒ සෙකට්‍රිගේ මහත්තයාටත්.... අනික් කට්ටියටත්... මගේ අම්මෝ..!!!

:       0       16

karu Saturday, 14 March 2020 11:14 PM

එතකොට දිනේෂ්ව නිරෝධානයට ලක්කරන්නේ නැතිද ?

:       0       12

RAVINSunday, 15 March 2020 09:32 AM

එයාව සිංගප්පූරුවට යවනවලු...

:       0       22

supunSunday, 15 March 2020 10:56 AM

මොකක් වෙයිද...? අනේ...

:       0       8

රමණි Sunday, 15 March 2020 10:58 AM

සිංගප්පූරුවට කොරෝනාකාරයින් ගන්නේ නැහැ. වෙන බොරු ලෙඩක් කියලා එහෙට යාවි. හැබැයි කොරෝනා කාරයෙක් කියලා අහුවුණොත් මිනිහව මුහුදට දමාවි...

:       0       20

ජයා Sunday, 15 March 2020 01:23 PM

රමණි, ඔයා කියන දේ තමයි අපිටත් කරගන්න ඕනෑ.. මුහුදට දැම්මොත් නියමයි..

:       0       28

සකුන්තලා ගුණවර්ධන Sunday, 15 March 2020 04:11 PM

එයාව සිංගප්පූරු යවන්නේ අපේ මහජනයාගේ මුදල් වලින්... අපි ඒකට විරුද්ධයි...!!! මේ දේශපාලුවන් අපේ රටට මොනවද කරලා තියෙන්නේ...? රට කාපු එකත් රට කන අයට ගොටු අල්ලපු එකත් පමණයි. එ් නිසා කිසිම දේශපලකයෙක් හට ප්‍රතිකාර ගැනීමට විදේශයන් වලට යන්න පුළුවනි.. හැබැයි ඒ ගොල්ලන්ගේ මුදල් වලින් මිසක් මහාජනයාගේ හෙවත් රටේ මුදල් වලින් නොවෙයි. එ්ත් ප්‍රශ්නය මේකයි.. සිංගප්පූරුව වගේ ජීවන වියදම අධික රටකට ගොස් ප්‍රතිකාර ගැනීමට තරම් මුදලක්.. දේශපාලකයෙකුට තිබෙන්න පුළුවන්ද...? එක්කෝ ඔහු ව්‍යාපාරිකයකු වෙන්න ඕනෑ. අපි මෙයා ගැන ඇහැ ගහගෙනමයි ඉන්නේ...

:       0       29

C.K..Lankaputhra. Sunday, 15 March 2020 01:28 AM

එතකොට විදේශ කටයුතු ඇමතිතුමාට කොරෝනා හැදිලා නැද්ද?

:       1       8

samanSunday, 15 March 2020 10:55 AM

නැත්තේ මොකද...? එයා එදා රෑ ඉඳලා තියෙන්නේ ඔය කියන එක්කෙනා එක්කලු..

:       0       26

kamaniSunday, 15 March 2020 12:02 PM

මදැයි... මේ මනුස්සයා එයාගේ වයසටද මේවගේ වැඩ කරන්නේ...?

:       0       22

anura Sunday, 15 March 2020 02:49 AM

මෙයින් පෙනෙන්නේ වරප්‍රසාද ඇති අය නිරෝධායන ක්‍රියාවලි හෝ වෛද්‍ය පරීක්ෂණ වලින් තොරව රටට ඇතුළු වන බවයි. පහුගිය දවස්වල දේශපාලන ගිනි ජාලයකට මැදි වූවෙකුත් මැද පෙරදිගට ගොස් පැමිණියා. ඔහු සහ පිරිස වහාම නිරෝධායනයකට ලක් කළ යුතුය. සමහරුන්ගේ ඇඟේ විෂබීජ තිබුනාට පිටින් ඒක සොයා ගැනීමට අපහසුයිලු.

:       0       12

Samitha Senaka Aluthgamage. Sunday, 15 March 2020 03:37 AM

රෝගය ලොව පුරා බෝවෙන ලකුණු පහළවෙන වමෙ වදෙස් සබදතා නවතා දැමුවනම් මීට වඩා යහපතක් වෙන්න ඉඩ තිබ්බා. ඒත් අපේ සෞඛ්‍යය අංශ එවැනි දේවල් ගැන බුද්ධිමත් නැහැ. ඔවුන් වඩාත්ද දක්ෂ වැඩ වර්ජන වලට හා ඉල්ලීම් දිනාගැනීමට.

:       0       53

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 15 March 2020 05:29 AM

ඒ කියන්නේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියගේ පවුලේ සාමාජිකයන්ටත් විදේශ සංචාර වලට සහභාගි වෙන්න පුලුවන්ද ?

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site