IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද වාර්තා වේ.

මෙම කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී සිටි බැව් ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින 07 කින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් වීමට නියමිත බව ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.



අදහස් (6)

කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා

Amara Wednesday, 06 January 2021 01:22 PM

සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ඇවිත් වගේ...

:       1       21

dewa Wednesday, 06 January 2021 01:39 PM

මෙහෙ තියාගෙනද ගුවන් තොටුපළ අරින්න හදන්නේ?

:       0       20

Anton Austria Wednesday, 06 January 2021 02:07 PM

හරක් සිටින රට ලංකාව... ලෝකෙටම එකයි. රට සුන්දර වුණාට පාලකයෝ ඔක්කෝම එකයි...

:       0       26

Jagath Thursday, 07 January 2021 12:24 AM

ඔබගේ අදහස සමග 100%ක් එකඟයි. එම හරක් සිටින රටට හරියන්න... කපටි හොර පාලකයෝ ටිකක් ලැබී ඇති නිසා තව ටික කලකින් ඔය ලස්සන රට වැනසී යන එක නම් නියතයි. එවිට 0 සිට පටන් ගන්න පුළුවන්...

:       0       1

duminda Wednesday, 06 January 2021 02:29 PM

මොන රටේද සංචාරකයින් පිළිගන්න ගුවන් තොටුපල නිලධාරින් යන්නේ...? මේ අයට පිස්සු...

:       0       22

විපරමා Wednesday, 06 January 2021 04:44 PM

සංචාරක ඇමතියා දැන් හත්පොලේ ගාගෙන වගේ...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site