හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ
රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද (6) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.