අවාමි ලීගයේ සභාපති ෂෙයික් හසිනා මහත්මිය තෙවැනි වරටත් බංගලාදේශ අගමැති ධූරයේ දිවුරුම් දුන්නාය. 
 
අද දින නව මන්ත්‍රීවරු 31 ක් ඇතුළුව 47 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් බංගලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඉදිරියේ දිව්රුම් දුන්හ.
 
අවාමි ලීගය පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 299 දෙනෙක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් ආසන 288 ක ජයග්‍රහණය හිමිකර ගෙන ඇත.
 
හැත්තෑ එක් හැවිරිදි නායකයා යටතේ පාලනය වන සිව්වැනි ආණ්ඩුව මෙය වනු ඇත.
 
ෂෙයික් හසිනා මහත්මිය බංගලාදේශයේ 10 වැනි අගමැති වන අතර  බංගලාදේශ දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ අගමැතිනියද මැය වේ.
 
(63226)