(හර්ෂණ තුෂාර සිල්වා සහ බිඟුන් මේනක ගමගේ)
අද දහවල් 1.00 වන විට ප්‍රකාශයට පත් කර තිබෙන ඡන්ද ප්‍රතිඵලවලින් දිස්ත්‍රික්ක 12කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
දහවල් වනවිට සියයට 44.15 ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,752,432ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර දිනාගෙන ඇති අතර සභිකධුර සංඛ්‍යාව 1,291කි.
දැනට තිබෙන ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය සභික ධුර 889ක් දිනාගෙන ඇති අතර ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,251,947කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 31.54කි.
දහවල් 1 වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 383,478කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම තරග වැදුණු පළාත් පාලන ආයතනවලින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 181,551කි. ප්‍රතිශත ලෙස පිළිවෙළින් එය සියයට 9.22ක් සහ 4.57ක් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගෙන ඇති සභික ධුර සංඛ්‍යාව 703කි.
ජනතා විමුක්ති පෙරමුණ සභික ධුර 174ක් දිනාගන්නා විටදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය දිනාගෙන ඇති සභිකධුර සංඛ්‍යාව 173කි.
COMMENTS
අපි පොහොටිටුවට දුනනේ ආන්ඩුවට තද රතුඑලියක් දිමටයි.ජනාධිපතිතුමා ඉතා ඉක්මනට සියලුම දුෂිතයණ්ට දරැණුලෙස දඩුවමි කර ජනතාවට ඉතා උපරිමයෙන් සහන සලස්වා රට සීඝ්‍ර සංවර්ධනට යොමුකලයුතුයි මෙි මොහෙතේ පටන්ම.
අරලියගහ මන්දිරේ ඇතුලේ හැංගිලා ප්‍රකාශ විතරක් නිකුත් කරකර හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ. අතට ලැබුණු දේ කටට දාගන්න බැරි යූ ඇන්පිය කොහොමද මේ රට සංවර්ධනය කරන්නේ? ලැබුන කාලය ඉවරයි දැන් ඉතින් කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා යන්න.
ඡන්දෙ දුන්නත් මේ අය දිනුම්... නොදුන්නත් දිනුම්, එක හොරු සෙට් එකක් ගියාම අනිත් සෙට් එක එනවා. ලංකාව කවද්ද මේකෙන් එළියට එන්නේ?
මේ සැරේ බත්කන හරක් නෑ වගේ................
අපි නම් පොහොට්ටුවට ඡන්දය දුන්නේ කාටවත් රතු එළි දෙන්න නෙමෙයි.. තව දුරටත් මේ වන විනාශය නවත්තන්න ඕනෑ නිසයි.. රටේ මහජාතිය අමතකකර සුළු ජාතින් පමණක් පිනවන්න යෑමේ ප්‍රතිඵල තමයි මේ..
අපි නම් පොහොට්ටුවට ඡන්දය දුන්නේ කාටවත් රතු එළි දෙන්න නෙමෙයි.. තව දුරටත් මේ වෙන විනාශය නවත්තන්න ඕන නිසයි.. රටේ මහජාතිය අමතක කර සුළු ජාතීන් පමණක් පිනවන්න යෑමේ ප්‍රතිඵල තමයි මේ..
මේ ප්‍රතිඵලේ පිළිගන්න බැහැ.. සියලුදෙනාම යහපාලනයට ඡන්දය දුන්න බව වාර්තා වුණා. යහපාලන රජය 2030 වෙනතුරු යනවා.
පොහොට්ට්ටුවට ජය වේවා! මහින්ද, අපි ඔබ සමගයි.
එක එක්කෙනා සතුටු කරවන්න රණවිරුවෝ හිරේ දැම්මා. තමන්ව මරන්න ආපු කොටියා නිදහස් කළා. දැන් වත් මේ අවමානයෙන් ගැලවෙන්න අපේ රණවිරුවෝ ටික නිදහස් කරන්න ඔබතුමාගේ බලතල වලින්...
ආණ්ඩු විරෝධී විපක්ෂයට ජයවේවා !!! පාමංකඩ හොරුන් බලයෙන් නෙරපන්න.
මම හරි ආසයි රාජිත, එස්.බී දෙපල මේ ප්‍රතිඵල ගැන මොකද කියන්නෙ කියල දැනගන්න. කෝ තවම නෑනේ සද්දයක්?
ඡන්දය දුන් අයවලුන් ඔය කාලකන්නි රටේ තපිනු ඇත. මම සහ මගේ පවුල ඇමෙරිකාවේ සුවසේ ඔබලා විඳින දුක් බලා සිනාසෙන්නෙමු.
හොරු අල්ලන්න කියලා බලයට ආව ආණ්ඩුවම කිසිම වැඩක් නොකර හොරකම් කරන්න ගත්තා. එ්කේ ප්‍රතිඵලය තමා මේක. රනිල් මහත්තයා නැවතත් ඔප්පු කලා එතුමා සැබෑ ලෙසම පොළවේ පය ගහලා ඉන්න නායකයෙක් නොවන බව. මේවා එජාප නායකයින්ගෙම වැරදි...
මේක ජනාධිපතිවරණයක් වුණානම් පැරදිච්ච සේරම එක පැත්තක්. 50% නැති නිසා මහින්ද මහත්තයා අායෙත් පරාදයි.
යහපාලනය රජය බොරු සුරංගනා ලෝක මවමින් මුළු රටේම ජනතාව මුලාකරන්න හැදුවත් රටට ආදරේ කරන බුද්ධිමත් ජනයා, 2015 ජනවාරි 08 සිදුවුන වරද නිවැරදි කරගනිමින් ලබාදුන් කදිම තීන්දුවක් ලෙස මෙම "නෙලුම් පොහොට්ටුවේ " ජයග්‍රහණය ඉතිහාසයට එක්වේවි.
දැන්වත් මිනිස්සුන්ට ඇස් පෙනුන එක ලොකු දෙයක්
අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ සිංහයාට මාගේ උත්තමාචාරය. සිංහල අපේ රට රැක දෙන්න මැතිඳුනි...
දැනට පවතින පාලනයට රතු එළියක් පෙන්නුවා. දැන්වත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. එයට සතුටු වෙනවා. එහෙත් වැඩිවුණු ධූර සංඛ්‍යාව ගැන නැවත හිතන්න වෙනවා. මෙම අටදහස් ප්‍රමාණයක් නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල් වලින් නේද? ජනාධිපතිතුමනි, මේ ගැන නැවත සලකා බලන්න. සමහර පළාත්වල ඡන්දය දුන්න සංඛ්‍යාව 3000ක් විතර.. එහෙත් සභිකයෝ 8 - 10ක් විතර ඉන්නවා. ලංකාවේ එක වර්ග මීටරයකට 7 - 8 ක් විතර ඉන්නවා. එ්ක රටට ලොකු බරක්...
ලංකාවක් කියන්නේ සිංහල රටක්... සිංහලයන් විදියට අපට ජීවත් වෙන්න තියෙන එකම රට ලංකාවයි. අපට ඉන්දියාවට, පාකිස්තානයට නැතිනම් අරාබි රටකට ගිහින් අපට ජීවත් වෙන්න බැහැ. ජොබ් කරන්න පුළුවන්... එ්ත් ජාතියක්, ආගමක් විදියට ජීවත් වෙන්න තියෙන එකම රට ලංකාව... ඉතින් ඒ රට විනාශ කරන මුදලට රට, ජාතිය, ආගම පාවා දෙන අපේම සිංහල මිනිස්සු දිහා මම නම් දකින්නේ පුදුම පිළිකුල් විදියටයි. දෙමළ මිනිස්සු එයාලගේ ජාතිය ගැන හිතනවා. මුස්ලිම් මිනිස්සුට ඒ වගේමයි. එ්ත් අපේම සිංහල මිනිස්සු පක්ෂ, පාට වලට බෙදිලා මේ කරන්නේ අපේම ඉරණම වලපල්ලට අද දැමීමක්... මහින්ද මහත්තයා කියන්නේ මොන දේවල් කලත් රට, ජාතිය, ආගම ගැන හිටපු මිනිහෙක් රුපියල් 10ක් හොරකන් කලත් රුපියල් 8 ක් වත් රටට සේවයක් කළා... අවුරුදු 30ක් තිබ්බ යුද්ධය ඉවර කල නායකයෙක්ට අපේම අය හොරා කියනවා. ජාතියක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ..
මැතිවරණයේ එජාප නිදහස් පක්ෂ පොදු පෙරමුණ ජවිපෙ, ටී.එන්.ඒ මුස්ලිම් කොන්ග්‍රස් සියලු පක්ෂවල එකතුව පොහොට්ටුවට වඩා වැඩියි. මේ සියල්ලම පොහොට්ටු විරෝධී පක්ෂ. මේකෙන් කියවෙන්නේ ජනතාව බහුතරයක් තාමත් මහින්දව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඔන්න ජනාධිපතිට දෙපැත්තෙන්ම වැඩ ගන්න චාන්ස් එකක්. දැන් තියෙන්නේ හොඳට වැඩ ගන්න එකයි. ජනතාවට සේවය කරන්න ඕනේ හින්දනේ ඔච්චර කෑගහගෙන ඡන්දේ ඉල්ලගෙන එන්නේ. දැන් තියෙන්නේ දෙපැත්තටම බැන බැන වැඩ ගන්න එකයි. මරේ මරු.
හොරුන් ඉවත්කර, පිරිසිදු පාලනයක් ගෙන එනවා කියා බලයට පත්ව, හොරුන් ආරක්ෂා කරමින් බැංකු හොරකමේ යෙදෙන්නට වීමේ පල විපාක තමා මේ. මා සිතන හැටියට අපේ මව්බිමට යහපත්, පිරිසිදු පාලකයන් ලැබීමට තරම් පිනක් නැහැ.