හිටපු ඇමැති පුත්‍රයකුගේ බැඳුම්කර මගඩියක් හෙළිවේ


(දයාසීලි ලියනගේ)  
නීත්‍යානුකූල නොවන ආකාරයට බැඳුම්කර විකුණා රුපියල් බිලියන 12ක මුදලක් වංචා කර තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂාවට සම්බන්ධ හිටපු ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ පුත්‍රයෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇති මෙම කරුණු පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ යූ.පී. අලවත්තගේ මහතා විසින් මේ බව දැනුම් දී තිබේ. 


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඉතාමත් ප්‍රබල ඇමැතිවරයකුගේ මෙම පුත්‍රයා ප්‍රධාන පෙළේ ආයතන හතක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා සිටින බවද අනාවරණය වී ඇත.