හයිරෙක්ස් ලිහිසි තෙල් ගිවිසුම රටට දැඩි හානිකරයි


 

(දයාසීලි ලියනගේ)   
ලිහිසි තෙල් නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් මැලේසියාවේ හයිරෙක්ස් ආයතනය හා තෙල් සංස්ථාව අතර ගිවිසුම රටට බලවත් හානිකර බැවින් එම ගිවිසුම නැවත සලකා බලන ලෙසට ඇමැති අර්ජුන රණතුංග මහතා රජයට ඉදිරිපත් කරන ලද යෝජනාව නොසලකා හැර ඇති බව වාර්තා වේ.   

වසර 20ක කාලයකට මෙම ගිවිසුම ක්‍රියාත්මක වෙන අතර මුතුරාජවෙල තෙල් සංස්ථාවට අයත් අක්කර 5ක භූමියක ඉදි කර ඇති ලිහිසි තෙල් නිෂ්‍පාදනාගාරය මගින් නිපදවන සියලු ලිහිසි තෙල්, තෙල් සංස්ථාව මගින් මිලදී ගතයුතු වන අතර, ඔවුන්ට තෙල් අපනයනය කිරීමට ද අවස්ථාව ලබාදී ඇත.   


මැලේසියාවේ හයිරෙක්ස් ආයතනය මෙම ගිවිසුමට අනුව ලිහිසි තෙල් ඒකාධිකාරයක් පවත්වා ගෙන යන තත්ත්වයක් ඇති වෙන බැවින් මෙම ගිවිසුම යළි සලකා බලන ලෙසට අර්ජුන රණතුංග ඇමැතිවරයා රජයට යෝජනා කර ඇත.   


එසේ තිබිය දී මැලේසියානු ජනාධිපතිවරයා මෙරට සංචාරයක යොදුන අතර, එම සංචාරයත් සමග අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ ඉල්ලීම සලකා බැලීම පවා යටපත් වී ඇතැයි වාර්තා වේ.