සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා ජනපති විධායක බලතල අවශ්‍යයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කරන්නේ නම් ඒ හා සමාන බලයක් ජනාධිපතිවරයාට පැවරිය යුතුයැයි සුළු පක්ෂ කිහිපයක් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.  

විධායක බලතල හෝ ඊට අඩු හෝ බලයක් ජනාධිපතිවරයාට ලබා නොදුනහොත් සුළු ජාතීන්ට සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පෙන්වා දී ඇත.  


පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධිය පිළිබඳ විමසා බැලීමේ දී ජනාධිපතිවරයාගේ විධායක බලතල නිසා එය මර්ධනය කිරීමට හැකි වූ බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා පෙන්වා දී තිබේ.  


ඒ අනුව හදිසි නීතිය මෙන්ම ඇඳිරි නීතිය දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව එම තත්ත්වය පාලනය වූ බවද ඔහු කීය.  


ජනාධිපතිවරයාට විධායක බලතල නොමැති නම් එවැනි දෙයක් හෝ හදිසි නීතිය දැමීමට හෝ නොහැකි තත්ත්වයක් පැවතුනි.  


සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා විධායක බලතල තිබිය යුතු බවත් එසේ නොමැති නම් ඒ හා සමාන බලතල ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවද නිසාම් කාරියප්පර් මහතා යෝජනා කර තිබේ.  


20 වැනි සංශෝධනයක් ගෙන ආවිට ඒ පිළිබඳ පක්ෂ අතර සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.