සිරිකොත ගමට මේ ඉරිදා කළුතරින් ඇරැඹෙයි


‘සිරිකොත ගමට’ වැඩසටහන මේ ඉරිදා කළුතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සූදානම් කර ඇත.  

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.  


ඒ යටතේ ශාඛා සමිති පිහිටුවීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන්, පාක්ෂිකයන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම්කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.