සියයට තිහක සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි


හිටපු ආණ්ඩුකාර අසාද් සාලි 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 30 ක ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයේ දී විශාල බලපෑමක් එල්ල කරන බව ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.  


එම ඡන්ද නොමැතිව කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම ඡන්ද ලබා ගැනීම සඳහා අද‌ාළ අපේක්ෂකයන් සුළු පක්ෂ සමග සාකච්ඡා කළ යුතු බව ද ඔහු පැවැසීය.  

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියන එක මෙතෙක් ප්‍රකාශ නොකිරීම ද ගැටලුවක් වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.  


එම අර්බුදය කඩිනමින් විසඳ‌ා ගෙන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීම පිළිබඳ තීරණයක් ගන්නා බව ද ඔහු පැවසීය.