සරසවි වරම් ලැබූ සිසුන් වසරකට 20 දාහක් රට හැර යනවා


(අජන්ත කුමාර අගලකඩ)  

විදේශීය උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වසරකට ශ්‍රී ලාංකික සිසුන් 20,735 දෙනකු විදේශගතවන බව 2019 යුනෙස්කෝ සංවිධානයේ වාර්තාවලින් පැහැදිලි වෙන බව උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.  

එම සිසුන්ගෙන් ඇතැම් සිසුන් මෙරට උසස් අධ්‍යාපන වරම් ලැබූ අය බවත් ඔවුන් එසේ විදේශගත වෙන්නේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළ මට්ටමේ පවතින ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට බවත් ඇමැතිවරයා පෙන්වාදී ඇත.   
මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා විදේශ සිසුන් ද වැඩි වශයෙන් ගෙන්වා ගනිමින් මෙරට විශ්වවිද්‍යාලවල මට්ටම ඉහළ නැංවිය යුතු බවද ඇමැතිවරයා යෝජනා කර ඇත.  


මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල විදේශීය සිසුන්ට වෙන්කර ඇති ප්‍රතිශතය අනුව ගාස්තු අයකර විදේශ සිසුන් බඳවා ගැනීම වැඩි කිරීමටත් විදේශ සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා මෙරට විදේශ ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ද විදේශ මුදලින් ගෙවීමේ පදනම මත ලබාදීමටත් විදේශ ශ්‍රේණිගත කිරීම් අනුව ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ශාඛා මෙරට ස්ථාපිත කිරීමටත් ඇමැති ගුණවර්ධන මහතා යෝජනා කර ඇත.