සරසවි තුනක පී.සී.ආර්. යන්ත්‍ර කොරෝනා පරීක්ෂණයට


(දයාසීලි ලියනගේ)   

ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා යාපනය විශ්වවිද්‍යාලවල පවතින පී.සී.ආර්. යන්ත්‍ර යොදා ගන්නා පරීක්ෂණවලට වැය වන මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.   

ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් රුපියල් මිලියන 33ක මුදලක් ලබාදීමට ඊයේ (9) පැවැති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වූ බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීය.   


මීට අමතරව සියලු විශ්වවිද්‍යාල සතුව පී.සී.ආර්. යන්ත්‍ර 50කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ඒවා ද පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.  මේ අතර වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් ජංගම පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙයින් සැලසීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.