ශ්‍රීපාදස්ථාන භූමිය විශේෂ කලාපයක් කරයි


(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රීපාදස්ථානය පිහිටි භූමි භාගය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන සේ විශේෂ කලාපයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.  

පාර්ලිමේන්තු සංකීර්ණයේ ගිය සතියේ පැවැති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට තිබේ.  


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩි කිරීම යටතේ අඹගමුව මස්කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හතරකට වෙන් කිරීමේදී ශ්‍රීපාදස්ථානය පිහිටි ප්‍රදේශය අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන බැවින්, එය කිසිදු පළාත් පාලන ආයතනයකට අයත් නොවන සේ ගැසට් කළ යුතු බව පක්ෂ නායකයන් කිහිපදෙනකු පෙන්වාදී ඇතැයිද වාර්තාවේ.