වෛද්‍ය සංගමය සමග සයිටම් ප්‍රශ්නය සාකච්ඡා කිරීමට රජයට අවශ්‍ය නැහැ


(දයාසීලි ලියනගේ)  
සයිටම් ප්‍රශ්නය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්​ෙග් සංගමය වැනි වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වී​ෙම් අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩලයේදී අනුමත වී ඇත.  

ඇමැති පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ සියලු ඇමැතිවරු අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.  


මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු සහ විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කිරීම වැදගත් බව මෙහිදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පෙන්වා දී ඇත.  


 මෙහිදී අදහස් දක්වා ඇති සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්​ෙත් පීඨාධිපතිවරු සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවයි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් මෙහිදී ප්‍රකාශ කර ඇත්​ෙත් මෙම කලබලය පිටුපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය බැවින් එම බලවේගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අමාත්‍යවරුන්​ෙග් වගකීම බවයි.