විශ්වාසභංගයකට නොයා සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගමු


විශ්වාසභංගයකට නොයා  සාකච්ඡාවෙන්  ප්‍රශ්න විසඳාගමු - ඇමැති ගයන්ත 

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙන පිරිසගේ කලකිරීම් හා ඔවුන්ට බලපෑ අසාධාරණයන්ට සවන් දී ඊට පිළියම් යොදා ඔවුන් ඒකරාශිකොට ගෙන ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. 

විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙන පිරිස සමඟ සාකච්ඡාකොට ඔවුන්​ෙග් ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදී පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය. 
කැඩී බිඳී යන විශ්වාසභංගවලට නොගොස් ඒවා වළක්වාගෙන සියලු දෙනාම ඒකරාශි කරගැනීම පක්ෂයක් ලෙස ලබන ජයග්‍රහණයක් බවද ඔහු පැවැසීය. 


මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මෙතෙක් නිර්මාණයවී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 
 අමාත්‍යවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලතල ජනාධිපති හා අගමැතිවරයා සතුවෙන බවත් සරත් ෆොන්සේකා මහතාගේ නම ඒ අතර යෝජනාවී ඇතැයි හෙතෙම කීය. 


ඔහු ඒ තුළින් ඉලක්කයක් කරා යාමට හැකි බව රටේ ජනතාව තුළ ද විශ්වාසයක් ඇති බවත් ඔහු එම ධුරය සාර්ථකව ඉටු කරනු ඇතැයි ද විශ්වාසයක් පවතින බව ද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.