විශ්වාස භංගය යළි පණ ගසයි


(නාලක සංජීව දහනායක)  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා ලබන සතියේදී අස්සන් ගැනීම අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  

මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසේදී පවත්වා ඇත. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල නායකයන්ද සහභාගිවී ඇත.  


මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ සුළු ජාතික පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.  


ඒ අනුව ඔවුන්ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට කැමැත්ත පළකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.