වැවිලි සමාගම් සියයට 40ක වැටුප් වැඩිවීමක් ඉල්ලති


(පද්මිණි මාතරගේ)  

වැවිලි සමාගම් 22ක දස දහසකට ආසන්න වතු නිලධාරීන්ට අදාළව අත්සන් තබන සාමූහික ගිවිසුමෙන් සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා පවසයි.  

ඒ අනුව ලිපිකරු, ක්ෂේත්‍ර නිලධාරීන්, තේ සහ රබර් කම්හල් නිලධාරීන්, වෛද්‍ය අංශයේ නිලධාරීන්, රියැදුරු, විදුලි කාර්මික ඇතුළු ක්ෂේත්‍ර 5ක නිලධාරීන්ට අදාළව මෙම සියයට 40 වැටුප් වැඩිවීම ලබාදිය යුතු යැයි ද ඒ මහතා කීය.  


ඇල්කඩුව, වටවල, තලවකැලේ, මතුරට, නමුනුකුල ඇතුළු වැවිලි සමාගම් 22ක ශ්‍රේණි 5ක වතු නිලධාරීන් වෙනුවෙන් අත්සන් තැබූ, දැනට ක්‍රියාත්මක වෙන සාමූහික ගිවිසුම සැප්තැම්බර් 30 දිනට අවලංගු වේ.  


ඉන් අනතුරුව නව සාමූහික ගිවිසුම ඒ ඒ ක්ෂේත්‍රයන්හි සේවා වැටුප් කොන්දේසි ද ඇතුළත්ව නව සාමූහික ගිවිසුම සැප්තැම්බර් 31 වන විට අත්සන් තැබීමට නියමිතව ඇත.