රවිගේ යෝජනාවට මංගලගෙන් ප්‍රහාර


(අජන්ත කුමාර අගලකඩ)   

ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදේශීය සමාගම්වලින් විදුලිය මෙ. වොට් 200ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක සහ මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් අතර ඉකුත් අඟහරුවාදා (30) පැවැති කැබිනට් රැස්වීමේ දී උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.   

විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස හදිසි මිලදී ගැනීම් යටතේ මෙ. වොට් 200ක විදුලිය ටෙන්ඩර් පටි පාටියෙන් තොරව මිලදී ගත යුතුව ඇතැයි රවි කරුණානායක ඇමැතිවරයා යෝජනා කර ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට විරෝධය පළ කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර මෙම උණුසුම් වාදය ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   
විදුලිය මිලදී ගැනීමට නොදීම හේතුවෙන් විදුලිය කැපීමක් කිරීමට සිදුවුවහොත් මංගල සමරවීර ඇමැතිවරයා ඊට වගකිව යුතු බව රවි කරුණානායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. 

 
ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර ඇමැතිවරයා ටෙන්ඩර් කැඳවීමකින් තොරව වංචනික ආකාරයෙන් කෙරෙන ගනු දෙනුවලට තමා ඉඩ නොදෙන බව දැඩිව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.   


රවි කරුණානායක ඇමැතිවරයාගේ යෝජනාවට චම්පික රණවක ඇමැතිවරයා ද විරෝධය පළකර ඇති බව දැන ගන්නට තිබේ.   


මේ තත්ත්වය තුළ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් එදින අවසන් තීරණයක් නොගත් බවද වාර්තා විය.