මෝල් හිමියන්ගේ අතිරික්ත වී රජයට පවරා ගන්න යයි


(දයාසීලි ලියනගේ)  

අනවශ්‍ය ලෙස රැස් කරගෙන තිබෙන වී සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.  


ආරක්ෂිත සහල් තොග රැස්කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීමට පියවර ගෙන ඇත.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ පිහිටි ගබඩාවල ආරක්ෂිත තොග රැස්කිරීමට තීරණය කර ඇති බවයි.  


 දැනට ස.තො.ස. මගින් එක් අයකුට සහල් කිලෝ 5ක් බැගින් මිල දී ගැනීමට අවස්ථාව සලසා ඇත.  
 අනවශ්‍ය ලෙසින් වී තොග රැස්කර ගෙන සිටින අයගෙන් සහතික මිල ගෙවා වී රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.