මැයි මාසයේ ගෑස් මිල නගියි


(මහින්ද නිශ්ශංක)  

එළැඹෙන මැයි මාසයේ දී පමණ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 ත් 200 ත් අතර මිලකින් වැඩිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.  

ලිට්‍රෝ සමාගම කි. ග්‍රෑ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින්ද ලාෆ් සමාගම රුපියල් 655 කින්ද මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි එම සමාගම් පවසයි.  


විශේෂයෙන් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වාර්තා ගත ලෙස ඉහළයාමත් ඩොලරයේ අගය වැඩිවීමත් හේතුවෙන් තම සමාගම්වලට විශාල පාඩුවක් සිදුවී ඇතැයි ද එම නිසා දැනට පවතින මිල යටතේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් ලබා දීමට නොහැකි වී ඇතැයි එම සමාගම් රජයට දැනුම්දී තිබෙන බව ද වාර්තා වේ.  


මේ සම්බන්ධව කළ විමසීමක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් අවසර ඉල්ලා ඇතත් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.  


මෙම සමාගම් දෙක වසරක පමණ කාලයක සිට මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබූ බව ද වාර්තා වේ. වර්තමානයේ කි.ග්‍රෑ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1493 කි.