මහින්දට යළි පුළුවන්ද ?


ඒකාබද්ධයේ නීති මත දෙකක් 

 

(දයාසීලි ලියනගේ) 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මත දෙකක සිටින බව වාර්තා වේ. 

ඉන් එක් මතයක් වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත අලුත් පනතක් ලෙස බලපැවැත්වෙන බැවින් අධිකරණයට ඉදිරිපත්වීමක් අවශ්‍ය නොවන බවයි. එම පනත ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් පෙර ද‌ාතම කිරීමක් සිදුවී නැති නිසා අලුත් පනතක් ලෙසට ක්‍රියාත්මක වෙන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ඒ සම්බන්ධයෙන් නිරවුල් වීමට අධිකරණයට යාමට අවශ්‍ය නොවන බවට මතයක් ඉදිරිපත් වී ඇත. ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රයක් බාර දෙනවිට ජනාධිපතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට එය බාර ගැනීමට සිදුවෙන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසකගේ මතය වී තිබේ. ගැටලුවක් පවතින කෙනකුට මැතිවරණයෙන් පසු ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ හැකි වේ. 


මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තවත් මතයක් වී ඇත්​ෙත් අධිකරණයෙන් පැහැදිලි තීන්දුවක් ලබාගෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව යැයි වාර්තා වේ. 


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධන පනතට අනුව මේ අවස්ථාවේ අධිකරණයට යාමට අවශ්‍ය නොවන බවයි. 


 මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ දිනවල රටින් බැහැරව සිටින නිසා ඔහුගේ මතය විමසීමට නොහැකි විය.