මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10 තෙක් වැඩිවෙයි


(දයාසීලි ලියනගේ) 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට යයි. 
 මේ සඳහා වන යෝජනා ඉදිරිපත් කරන ලෙසට ජාතික රක්ෂණ භාර අරමුදලට හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පසුගිය සතියේදී දැනුම් දී ඇත. 

මේ සඳහා පක්ෂ නායකවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව පක්ෂ නායකවරයෙක් ප්‍රකාශ කළේය. 


මන්ත්‍රීවරයකු රක්ෂණය කිරීමේදී ආපද‌ාවට ලක්වෙන අත, පය, ඇස් වැනි ශරීර අංග සඳහා ලබා දිය හැකි රක්ෂණ මුදල දැනුම් දෙන ලෙස අද‌ාළ රක්ෂණ ආයතනවලට දැනුම් දී ඇත.