මද්‍රසා පාසල් සියල්ල වහාම තහනම් කළ යුතුයි


මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  

 

 

(ජයන්ත සමරකෝන්)  

මුස්ලිම් ආගමික අමාත්‍ය එම්.එල්.එම්. හලීම් මහතා මද්‍රසා හා අරාබි පාසල් 2349 ක් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමි වුවහොත් මෙරට මුළු මහත් අධ්‍යාපන ප්‍රතිපත්තියම උඩු යටිකුරුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.  

මුස්ලිම් ආගමික ආයතන 311 ක්, අරාබි පාසල් 317 ක් හා මද්‍රසා පාසල් 1721 ක් මේ අතර වන බවද මන්ත්‍රීවරයා කීය.  


උපකෘත පාඨශාලා හා ගුරු විද්‍යාල සම්බන්ධයෙන් පිළිගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇතැයි ද මුස්ලිම අන්තවාදයට උඩගෙඩි දෙන මෙම නීතිවිරෝධි මද්‍රසා හා අරාබි පාසල් වහාම තහනම් කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.  


 අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සියලුම වර්ගයේ පාසල් ඇත්තේ 11,000 ක් පමණක් බව ද පිළිගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව මෙම මද්‍රසා හා අරාබි පාසල් අධ්‍යපන අමාත්‍යාංශයේ නියාමනයට යටත් කළහොත් ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.