මත්පැන් බී ත්‍රිරෝද පදවන රියැදුරන් 4000ක් කොළඹ!


(මහින්ද නිශ්ශංක)  

ගන්ධය වහනය නොවන මත්ද්‍රව්‍යය භාවිතා කරන ත්‍රීරෝද රථ රියදුරන් 4000ක් පමණ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මගී ප්‍රවාහනයේ යෙදෙන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.  

මෙසේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ත්‍රීරෝද රථ රියදුරන්ගේ ත්‍රීරෝද රථවල ගමන් කිරීම අනතුරුදායක වන අතර වෘත්තීය රියදුරන්ට ද බරපතළ ගැටලුවක් බවද සභාපති ජයවර්ධන මහතා කීය. ගන්ධය වහනය නොවන මත්ද්‍රව්‍ය භාවිතා කරන ත්‍රීරෝද රථ රියදුරන් පිළිබඳව තමා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සහ පොලිසිය ද දැනුවත් කළ බවද මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් අල්ලා ඔවුන්ට බීමත්ව රිය පැදවීමේ යෙදෙන රියදුරන්ට නියම කෙරෙන රුපියල් 25000ක දඩය ක්‍රියාත්මක කරන ලෙස තම ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය පොලිසිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපති සුනිල් ජයවර්ධන මහතා කීය.