මත්පැන් පාවිච්චිය ශීඝ්‍රයෙන් වැඩිවෙලා


සියයට 40ක්ම කසිප්පු

(දයාසීලි ලියනගේ) 


මෙරට සමස්ත මධ්‍යසාර පරිභෝජනයෙන් සියයට 40ක්ම නීති විරෝධී මත්පැන් වන අතර, රටේ ජනගහනයට සාපේක්ෂව මධ්‍යසාර පරිභෝජනය සැසඳීමේදී ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය සියයට 95කින් වර්ධනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.  

කලාපයේ සෙසු රටවල මධ්‍යසාර පරිභෝජනය වැඩි වී ඇත්තේ සියයට 55 කින් බවද සඳහන් වේ.  


මධ්‍යසාර බදු ප්‍රතිපත්තිය සැකසීමේදී සෞඛ්‍ය හා මුදල් අමාත්‍යංශය එක්ව කටයුතු කළයුතු බව සඳහන් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 සිට 2016 දක්වා කාලයට අදාළව මෙම සමීක්ෂණය කර ඇත.  


මධ්‍යසාර සම්බන්ධයෙන් මෙරට බදු ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යසාර සම්බන්ධ සෞඛ්‍ය දර්ශකයන් සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද සඳහන් කර ඇත.  
නීති විරෝධී මත්පැන් පරිභෝජනය සියට 300කින් වර්ධනය වී ඇති අතර නීත්‍යානුකූල මත්පැන්වල වර්ධනය ද සියයට 50කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.