පුංචි ඡන්දය නව ක්‍රමයටමයි


(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය කිසිම හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් පිට නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත්පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත. 


මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් සමග ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.


එබැවින් කොට්ඨාස ක්‍රමයට ඡන්දයට මුහුණදීම සඳහා බය නැතිව සුදානම් වන්නැයි ජනාධිපතිවරයා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 


මනාප ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැයි සමහරුන් සිතා සිටියද කිසිදු හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් බැහැරව ඡන්දය නොපවත්වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.