නාවික සෙබළුන්ට කොරෝනා නිරෝධායනයේ ගැටලුවක්ද? වයිරසයේ සංකූලතාවක්ද?


වෛද්‍ය අංශවල අවධානය  

(දයාසීලි ලියනගේ)  

නාවික හමුදා භටයන් අතර කොරෝනා වයිරසය පැතිරයාමේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නිරෝධායනයේ ගැටලුවක්ද? නැතහොත් වයිරසයේ යම් සංකූලතාවක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇත.  

දින 21 ක නිරෝධායන කාලයෙන් පසුවත් මේ ආකාරයට වයිරසය පැතිරයාම බරපතල ගැටලුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සොයිසා මහතා කීය.  


මේ තත්ත්වය වසංගත රෝග විද්‍යා අංශයට හා කොරෝනා මර්ධනය පිළිබඳ කාර්ය සාධන බළකායට මේ වෙන විටත් දැනුම් දී ඇති බව වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


මීට අමතරව පී.සී. ආර්. පරීක්ෂණ පැවැත්වීම වේගවත් මදි බවක් පෙන්නුම් කරන බවද ඔහු කීය. පසුගියදා පැවැති ජනාධිපති කාර්ය සාධන බළකායේ සාකච්ඡාවේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් බවද වෛද්‍ය සොයිසා මහතා කීය.