තෝරාගත් දිස්ත්‍රික්ක කීපයකට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය තනියෙන්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යටතේ තරග කරන බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.  

සෙසු දිස්ත්‍රික්ක සඳහා සජිත් ප්‍රේමද‌ාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබල වේගය යටතේ තරග කෙරේ. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යටතේ තරග කෙරේ.  


මෙවරත් පසුගිය වසරේ අපේක්ෂකයන් යෙද වූ ආකාරයටම අපේක්ෂකයන් යොදවන බවත්, එහි කිසිදු වෙනසක් සිදුනොවන බවත් මනෝ ගනේෂන් මහතා පැවසීය.