තිරිඟු පිටි ආනයනික බද්ධ ඉවත් කළොත් ලාබෙට පිටි හා පාන් දෙන්න සූදානම්


බේකරි හිමියන්ගේ සංගමය   

(මහින්ද නිශ්ශංක)   

තිරිඟු පිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන රුපියල් 37.50ක ආනයනික බද්ද ඉවත් කිරීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති ​මෛත්‍රීපාල සිරිසේන මහතා​ෙගන් ඉල්ලා සිටී.   

මෙම තිරිඟුපිටි බද්ද ඉවත් කරනු ලැබුවහොත් තිරිඟු පිටි ආනයනය කර කිලෝවක් රුපියල් 65 කට පාරිබෝගිකයින්ට ලබාදිය හැකි බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය. එසේම පාන් රාත්තලක් රුපියල් 50 කට අලෙවි කළ හැකි බවද ජයවර්ධන මහතා කීය.      


මෙම තිරිඟු පිටි ආනයනික බද්ද දමා ඇත්තේ සමාගම් දෙක ආරක්ෂා කිරීමට බව පෙන්වා දෙන සංගමයේ සභාපති ජයවර්ධන එම ආනයනික බද්දෙන් රජයට ශත පහක වාසියක් නොලැබෙන බවද කීය.