ජීවන වියදම ඉහළයි ජනපති කැබිනට්ටුවට කියයි


(අජන්ත කුමාර අගලකඩ)  
ජීවන වියදම ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.  

ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ඡන්දය කිරීමද ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.  


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ජීවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙ​ෙනකුම අදහස් දක්වා ඇත.  ජීවන වියදම ඉහළයාම පාලනය කිරීමට එක් පුද්ගලයකුට හෝ එක් ආයතනයකට බලය පැවරෙන වැඩ පිළිවෙළකට යා යුතු බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මසකට වරක් රැස්වී බඩු මිල පිළිබඳ නිවැරැදි තොරතුරු ගෙන්වා ගෙන මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.