ජනාධිපති අද ඇමෙරිකාව බලා යයි


(අජන්ත කුමාර අගලකඩ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට)  
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (19 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමතීමට නියමිතය.  


එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අනිද්දා ආරම්භ වන අතර ජනතාව වෙත කේන්ද්‍රගතවීම තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම යන්න මෙවර සැසිවාරයේ තේමාව වේ.

ජනාධිපතිවරයා 72 වැනි සැසිවාරය අමතා කරන දේශනයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය සංහිඳියාව සහ සාමය පිළිබඳවත් 2017 වසර දිළිඳුකමින් මිදීමේ වසර ලෙස නම්කර ගෙන යන වැඩ පිළිවෙළ හා හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩ පිළිවෙළ බිළිබඳවත් ලෝක නායකයින් දැනුවත් කෙරෙනු ඇත.  


සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ඒමට නියමිතව සිටියේය.   


ජනාධිපතිවරයා ලබන 23 වැනිදා දක්වා ඇමෙරිකාවේ සංචාරය කරන අතර සැසිවාරයට සහභාගිවන ලෝක නායකයින් කිහිප දෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.