ජනපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට කැඳවයි


 

(දයාසීලි ලියනගේ)  

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කරන ලද සියලු නියෝජිතයන් අද (6) ඉරිද‌ා මැතිවරණ කොමිසමට කැඳවා ඇත.

හෙට (7) සිදුවෙන නාමයෝජනා කැඳවීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දීමට හා ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා සියලු අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයෙක් කැඳවා ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ඉදිරිපත් නොවන ප්‍රථම ජනාධිපතිවරණය මෙය වන අතර ඇප තැන්පත් කිරීම අදින් (6) අවසන් වේ.