ඡන්දෙන් පස්සේ ඒකාබද්ධය මර්දනයට සැරසෙනවලු


(දයාසීලි ලියනගේ) 
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයකට රජය සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම පක්ෂය චෝදනා කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම, ස්වාධීන රූපවාහිනියේ බිල් නොගෙවූයේ යැයි කියන ලබන සිද්ධියක් මත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ
ප්‍රජා අයිතිය අහෝසි කිරීම, සුළු සිද්ධින් මත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ​ෙගන සිරගත කිරීම වැනි තීන්දු ගණනාවකට ඒමට රජය සූදානමින් සිටින බව වාර්තා වී ඇතැයි මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 


මේ තත්ත්වය පිළිබඳව ජනතා සංවිධාන පෙළ ගැස්වීමේ වැඩපිළිවෙළක් දැන් සිටම ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය. මීට අමතරව මේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව දේශීය හා විදේශීය ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.