ගුරුවරුන්ට ඉංග්‍රීසි උගන්වන්න ඇ​ෙමරිකාවෙන් ගුරුවරු


 

(දයාසීලි ලියනගේ)   
ගුරුවරුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීම සඳහා ඇ​ෙමරිකාවෙන් ගුරුවරුන් ගෙන්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.   

මෙම පුහුණු ගුරුවරු ඉදිරි සතියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.  ඉදිරියේදී අධ්‍යාපනයේ සිදුවෙන මූලික වෙනස්කම්වලට අදාළව ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.   


සුහුරු පන්ති කාමර 200ක් රට තුළ ක්‍රියාත්මක කිරීම, පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම, විද්‍යා ගුරුවරු බඳවා ගැනීම යනාදී වූ අධ්‍යාපන පරිවර්තනයේදී ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුමද වැදගත් වන නිසා ඔවුන් පුහුණු කිරීමට ඇ​ෙමරිකාවෙන් ගුරුවරු ගෙන්වීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.   


කුරුණෑගලට තවත් සුහුරු විද්‍යාල දෙකක්ද, මහනුවරට එකක්ද කොළඹට එවැනි විද්‍යාල 4ක්ද ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.