කෝප් කමිටුවේ තොරතුරු පිටකිරීම සම්ප්‍රදාය විරෝධියි


 (දයාසීලි ලියනගේ)  
ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් පැවැති කෝප් කමිටුවේ සාකච්ඡා වූ කරුණු හා තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. 

කෝප් කමිටු සාමාජිකයෙක් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.  


බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට බාර දීමට නියමිත දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැන් මේ ප්‍රකාශයට පත්වී ඇති තොරතුරුවලට අනුව කෝප් කමිටුවේ සාමාජිකයා හෝ සාමාජිකයෙක් සම්ප්‍රදාය විරෝධී ලෙස කටයුතු කර තිබීම පිළිබඳව පක්ෂයක් වශයෙන් රටේ ජනතාවට ප්‍රකාශයක් කළ යුතු ඇතැයි ද ඒ මහතා කීය.  


 පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කෝප් කමිටුවෙන් නිල ප්‍රකාශයක් කරන තුරු එහි සාමාජිකයන්ට අභ්‍යන්තර තොරතුරු පිට කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.