කොළඹ නගරයේ අලුතින් තට්ටු නිවාස පනස්දාහක්


(දයාසිලි ලියනගේ)

කොළඹ නගරයේ තට්ටු නිවාස 50,000ක් අලුතෙන් ඉදිකරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

පවුල් පනස් දහසකට කුඩා නිවාසවලින් ඉවත්ව තට්ටු නිවාසයක ජීවත්වීමේ අවස්ථාව සැලසීම සඳහා තට්ටු නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.   


මීට අමතරව නිවාස අමාත්‍යාංශය හෝ පෞද්ගලික ආයතන ඉදි කරනු ලබන මධ්‍යම පාන්තික නිවාස මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 75000ක මුදලක් වෙන් කිරීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.  


ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් සහනදායී පොලියට ණය ගැනීමට මධ්‍යම පාන්තිකයන්ට අවස්ථාව සැලසෙයි.